32.) කොටස 🌸

308 46 5
                                    

Adil' s pov ; 💚


දඩාස්......

අඩෝ අදීල්, ඒයි යකො... උබට පිස්සුද... ඕක දැන්වත් නවත්තපන් බන්... ඇති යකෝ... උබ හදන්නේ ඒ පාර වීදුරු කටු ඇන ගන්නද... දැන්වත් ඔය බොන එක නවත්තපන්.... සේරම පොලොවෙ ගහල.... ඔහොම හරියනවද හු##... උබ ඔහොම හිටියාම කොහොමද ... උබට කොල්ලව හොයාගන්න ඕනෙ නැද්ද... උබ විහින් නාස්ති වෙන්න ද හදන්නේ... දැන්වත් ඔය බොන එක නවත්තපන් ....

අයින් වෙයන්, අහකට පලයන් ඔලීන්... මට නිදහසේ බොන්නවත් දියන්කෝ... මට තවත් නම් බෑ ඕයි... මගෙ කොල්ලා... අනේ ඌ... ඌව මට හොයල දීපන්කො...

කොල්ලව හොයාගන්නත් උබ කෙලින් කටින් ඉන්න ඕනෙ නේද... උබ ඔහොම හිටියාම කොහොමද බන්... කෝ දැන් වත් නැගිටපන්, කාමරේ මල අපායක් කරගෙන උබ... පව් උබේ අර අම්ම දුක් වෙනව බන්, ඇයි මෙහෙම මිනිස්සුන්ට දුක් දෙන්නෙ.. බලහන් උබ හින්ද කොච්චර කට්ටිය විදවනවද කියල... ශෙලීන් අයියත් කොල්ලව හැම තැනම හොයනවනෙ බන්... දැන්වත් සිහියෙන් ඉදල අපිට උදව් වෙයන්කෝ....

ම..මට අ..අද දවස විතරක් නිදහසේ බො..බොන්න දියන්...බන්... අද විතරක් .... මට අ..අද...වැටෙන්නම බොන්න ඕනෙ... අද විතරක්....

අඩපන්කෝ එහෙනම්.. ඇති තරම් අඩපන්කෝ...හැබැයි අද විතරයි ... කොල්ලා මට අවසානෙට කිව්වෙ උබව හොදින් බලාගන්න කියල, මට බෑ ඌ කිව්ව ඒව නොසලකා හරින්න.. මන් එදා දැනන් හිටිය නම් ඒ ධීවාන්ව දකින අවසාන පාර එදා කියල මන් ඌට කියනවා යකෝ මට බෑ උබව බලාගන්න, උබම බලාගනින් කියල...
එතකොටවත් ඌ නොයා ඉදීනෙ... නේද බන්.... අද විතරක් එහෙනම් බොමු... උබත් එක්ක මාත් ඉන්නවා... අද අවසාන දවස අදීල් හරිද... උබ පිස්සෙක් වෙලා ඉන්නවා දකින්න අපි කවුරුත් කැමති නැ.... ඒ හින්ද අද අවසාන පාර... ඇතිවෙන්න බීපන් එහෙනම් ....

මාස තුනක්...

හරියටම අදට ඌව අවසාන පාරට දැකල මාස තුනක් වෙනවා බන්...

මගෙ වස්තුව උබ කොහෙද මගෙ දෙයියෝ ඉන්නෙ... අනේ රත්තරං උබ කොහෙද කියාපන් .... මට තවත් නම් බෑ බන්,.......... තවත් බෑ.........

මන් හිතන්නේ මන් මගෙ සිහිය නැති වෙනකන්ම බිව්වා... ඇති වෙන්නම බිව්ව... එපා වෙන්නම බිව්වා... ඔලීන් මගෙන් පොරොන්දු ගත්තා මේ අවසාන පාර කියල , මගෙ කොල්ලට උන පොරොන්දු ඉෂ්ට කරන්න ඕනෙ කියල ඌ මගෙන් පොරොන්දු ගත්තා.... ඉතින් අවසාන පාරට මන් ඊයෙ රෑ සිහිය විකල් වෙන්නම බීල කාමරේ මැදම ඇදන් වැටුන....

චෙරි මල් 🌸 ( Complete ✔ )Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ