Episode 01

105 15 4
                                    

ජීවිතේ කියන්නෙ මහ පුදුම දෙයක්.මොකද මං හිතුවෙ මගෙ පලවෙනි ආදරේ මගෙම වෙයි කියලා වගේම මට මං කැමති කැම්පස් එකේ කැමති කෝර්ස් එකට යන්න බැරි වෙයි කියලා.ඒ උනත් සිද්ද උනේ ඒකෙ අනිත් පැත්ත...මට මගේ පලවෙනි ආදරේ ලැබුනේ නෑ වගේම මට මං කැමතිම කැම්පස් එකේ මං කැමති ෆැකල්ටි එකට යන්න ලැබුනේ මගෙ වාසනාවටද අවාසනාවකට ද කියලා මට තාමත් හිතා ගන්න බෑ.

******වසර දෙකකට පෙර********

කුඩා කල පටන් මාගේ එකම කැමැත්ත වී තිබුනේ විද්‍යා විශය ධාරාවෙන් උසස් පෙලට මුහුණ දීමට වුවත් වෙනත් අය මෙන් මා හට වෛද්‍යවරයකු වීමේ අවශ්‍යතාවක් නොතිබිණි.මා හට අවැසි වූයේ science faculty යාමටයි. මගේ පව්ලේ අම්මා, තාත්තා, අයියා සහ අක්කා සියලු දෙනාම ඒ සදහා විරුද්ධ නොවුනේ ඔවුන් මාගේ සිතැගි සදහා ඉඩ ලබා දෙන බැවිනි.කෙසේ හෝ දෙවරක් උසස් පෙල විභාගයට මුහුණ දීමෙන් අනතුරුව මා හට මාගේ කැමතිම උපාධිය සදහා කැමතිම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට හැකි විය.මගේ හොඳම මිතුරන්ගෙන් දෙදෙනෙකු වෛද්‍ය විද්‍යාලයේ ද, එක් අයෙකු සම සෞඛ්‍ය පීඨයේ ද, කුඩා කල පටන් හොඳම මිතුරා SLIIT එකේද අධ්‍යාපනය ලබමින් සිටී. පිලිවෙලින් ඔවුන් තරුල්, මධූශ්,තිලාන්, සහ මගේ හොඳම හොඳම මිතුරා සවිදු ද වේ.
විශ්වවිද්‍යාලයීය ලියාපදිංචි කටයුතු අවසන් වී සතියකට පමණ පසු Orientation program ( අනුගත කිරීමේ වැඩසටහන්) ආරම්භ විය.නේවාසිකාගාරයේ එක් කාමරයක මිතුරන් 8 දෙනෙකු වූ අතර මාගේ කච කච ගෑවිල්ල නිසාම ඔවුන් මාගේ හොඳ මිතුරන් වීමට එතරම් කාලයක් ගත් නොවිණි.ඉශාර,නෙතුම්, භාතිය,දිලුම්, දේශාන්,නිලක්ශ, යසස් මගේ කාමර සගයන් විය.එයිනුත් ඉශාර, භාතිය ,යසස් මගේ හොදම මිතුරන් වූයේ මාගෙ සහ ඔවුන්ගේ මානසික මට්ටම් සමාන වූ නිසා විය හැකිය.අපට orientation programs පැවතුනේ bio science,physical science සහ computer science සියල්ලන්ටම එකවරය.එමෙන්ම ඊට සමගාමීව පැවති ඉංග්‍රීසි පාඨමාලාව කණ්ඩායම් වශයෙන් පැවතුණි. එම ඉංග්‍රීසි පාඨමාලාව මෙලොව පැවති විකාරම දේවල් වලින් එකක් ලෙස හැදින්වූවොත් මා නිවැරැදි වේ...හේතුව අප සියල්ලම ඉගෙන ගන්නේ ඉංග්‍රීසි මාධ්‍යයනි.තවත් අමතරව කුමට ඉංග්‍රීසි ඉගෙන ගන්නේදැයි මට සිතා ගත නොහැක. කෙසේ හෝ නෙතුම් මාගේ english group එකෙහි වූ අතර orientation ආරම්භ වී සතියකට පමණ පසු දිනක english group එකෙහි සිටින පවන් මා අසලට පැමිණ

Are u only mine???🥀❤️Where stories live. Discover now