EPISODE 12

17 2 10
                                    

  මට විනූ ගැන අමුතුම හැගීමක් එක්ක ලොකූ ආදරණීය හැගීමක් දැනුනෙ ඒ වෙලාවෙ...මං එයාගෙ ඔලුව අතගාන ගමන්ම

අපි බෙහෙත් ගේන්න යමුකො බබෝ

කිව්වෙ එයා ගැස්සිලා මං දිහා බලනකොට....මොකද මං එයාට කවදාවත් එහෙම කතා කරලා නැති නිසා...එයා අමාරුවෙන් ඉන්නෙ කියලා මට තේරෙනකොට මගෙ ඇස් දෙක ආයිමත් තෙත් වීගෙන ආවෙ එයා පුදුමයෙන් මං දිහා බලනකොට....

ඇයි සේශ් මැණික අඩන්නෙ....මට උන නිසාද

කියලා ඇහුවෙ හිනා වෙවී....එයා හිතුවෙ නැතුව ඇති ඇත්තටම ඒ නිසා තමයි මගෙ ඇස් වල කදුලු පිරුනෙ කියලා... මං ඔව් කියන්න ඔලුව වැනුවාම එයාගෙ ඇස් දිලිසෙන්න ගත්තෙ හරිම සතුටින්...

ඔයා දැන්වත් පිලිගන්න මගෙ වස්තුව මට ආදරෙයි කියලා..

මං ඒකට මොනවත් කිව්වෙ නැති උනත් මගෙ ඇස් දෙක දිහා එයා බලාගෙනම හිටියා.කොහොම හරි මං එයාට බෙහෙත් අරන් දීලා යාලුවා එක්ක බෝඩිමට යැව්වෙ මගෙ හිත නොදැනිම බර වෙලා වගේ මට දැනෙනකොට...

දවස් දෙක තුනක් සාමන්‍ය විදියට ගෙවිලා ගියේ විනූ මට තවත් ලං වෙලා වගේ මට දැනෙනකොට....අපි දෙන්නා හැමදාම කෝල් මැසේජ් කරත් මං එයාට තාමත් ආදරෙයි කියලා තිබ්බෙ නෑ....එහෙම ගිහින් long weekend එකක් ආවෙ මං ගෙදර යන්න හිතනකොට...මං ගෙදර යනවා කියලා කිව්ව ගමන්ම විනූ මූණ ඇඹුල් කරගෙන නහයෙන් අඩන්න ගත්තේ මටත් දුක හිතෙද්දි...ඒත් ගෙදර යන්නම ඕනි නිසා එයා මාව දාන්න බස් ස්ටෑන්ඩ් එකට එන්නම් කිව්වෙ මටත් සතුටු හිතුනා.....
********--*********-----**********-------
කොහොම හරි මං ගෙදර යන දවසත්  ආවා....මං උදේ බස් එකේ ගෙදර යනවා කියලා එයාට කිව්ව නිසා එයා කැම්පස් එක ලගට 7 ට විතර ඇවිත් හිටියා...මං දුවගෙන ගිහින් එයාගෙ අතේ එල්ලුනාම එයා දිලිසෙන ඇස් වලින් මගේ දිහා බැලුවෙ මං ලැජ්ජාවෙන් රතු වෙනවා මටම දැනෙද්දි.....එයා මං දිහා ආදරෙන් බලාගෙන ඉදලා මගෙ මූණ ට වැටිලා තිබ්බ කොණ්ඩේ අයින් කරේ මගෙ මූණම රතු වෙලා වගේ යනකොට....ඊට පස්සේ අපි දෙන්නම බස් එකට නැග්ගෙ ටවුන් එකට යන්න...මං හිට ගත්තට පස්සෙ එයා මගෙ පිටිපස්සෙන් හිටගන උඩින් අල්ලගත්තෙ මාව මැදි වෙන විදිහට....බස් එකේ සෙනග වැඩි වෙනකොට විනූව මගෙ ඇගට තද වෙන්න ගත්තෙ මට උන් හිටි තැන් අමතක වෙලා යද්දි....ටික වෙලාවකින් එයා ඉස්සරහට නැමිලා මගේ කනට කරලා
"සේශ් මැණික "

කියලා  කොදුරන්න ගත්තෙ මට දන්නෙම නැතුව එයාගෙ උරහිසින් ඔලුව තියවෙනකොට....ඒත් එක්කම එයා මගෙ කනෙන් සියුම් සිපුමක් තිබ්බෙ මට නිකන්ම කෙදිරි ගෑවෙද්දි....
"අනේහ්හ් විනූහ්"

එයා සීට් එක වටෙන් අත දාලා මගෙ බඩෙන් අල්ලගත්තාම මං එයාගෙ ඇගටම තද  වෙන්න ගත්තෙ මට මාව පාලනය කරගන්න බෑ වගේ දැනුන නිසා...මටත් හිතාගන්න බැරි මෙච්චර හැගීම් ගොඩක් මං ගාව තිබ්බද මෙච්චර කල් කියලා....විනූ හෙමින් හෙමින් මගේ ගෙලෙන් සියුම් සිපුම් තියන්න ගත්තෙ හැගීම් දරාගන්නම බැරුව මගෙ ඇස් දෙකට කදුලු ත් පිරීගෙන එනකොට...මං බෙල්ල විතරක් හරවලා
අනේ විනූහ්" නවත්වන්නකෝ...ම...මට මෙහෙ ම ඉන්න අමාරුයි

කිව්වෙ බැරිම තැන...විනූ මං දිහා අඩවන් ඇස් වලින් බලලා

කොහොමද මැණික

කියලා ඇහුවේ මං එයා ......

Are u only mine???🥀❤️Where stories live. Discover now