Episode 02

58 12 1
                                    

සියල්ලම අවසන් වී නේවාසිකාගාරයට යන අතරමග සෑම දිනකම එම වේලාවට සිටින කොල්ලන් රංචුව අදත් එතනම සිටිනවා දුටුවත් කෙල්ලකු එන තෙක් බලා සිටිනවා විය යුතු යැයි සිතා එතැනින් යාමට තැනුවත් අහම්බයෙන් මෙන් මා දුටුවේ විනුජ එතන සිටින බවයි.එසේ නම් ඔවුන් එතන සිට ඇත්තේ මා එන තුරුදැයි මා කල්පනා කරේ එසේ නොවීමට ද හැකිය කියායි.
නේවාසිකාගාරයට ගිය පසු මා ෆෝන් එක චාර්ජ් එකට දමා නාන්නට ගියෙමි. නැවත පැමිණෙන විට මගහැරුණු ඇමතුම් කිහිපයක් විය.කාගෙන්දැයි බැලූ විට ඒවා විනුජගෙනි. මා බලා සිටියදීම නැවතත් ඇමතුමක් පැමිණියේ ඔහුගෙනි. සම්බන්ධ කරගන්නවාද නැතිද යන්න සිතමින් ඒ දෙස බලා සිටින විට නෙතුම් පැමිණ කීවේ

"ඕක ගනින් බං...හදිසියක්ද දන්නෙ නෑනෙ "

කියාය.
මා ද ඇමතුම සම්බන්ධ කරගත්තේ

"හෙලෝ ඇයි කතා කරේ ගොඩක් අරන් තිබ්බා "

යනුවෙන් පවසමිනි. මට සිතා ගැනීමට නොහැකි සාමාන්‍යයෙන් ගහගැනීමට මෙන් කතාකරන මා මොහු සමග මෙතරම් හුරතල් වන්නේ කුමක් නිසාද යන්නයි. මාගේ මිතුරන් පැවසූ පරිදි ඔහු මට වඩා වසරක් බාලය.නමුත් ඔහු කතා කරන විට මට හැගෙන්නේ ඔහු මට වසර දෙක තුනක් වැඩිමල් බවය.
එවිට විනුජ පැවසුවේ

"හොස්ටල් ගියාද බලන්න ගත්තේ...කොහෙද ගියේ මං මෙච්චර ගන්නකල්" කියා ඇසුවේ මට මූට පිස්සුදැයි සිතෙන විටයි. මං ඒ නිසා

"ඔයාට මොකද මං කොහෙ ගියත්...මං යන්නෙ මට ඕනි දිහා"

යි කීවෙමි.
නමුත් ඔහුට එහි වගක් නොවිණ.ඇමතුම අවසන් කරන්නේද නැත. හුරතල් වදන් කියමින් මාගේ කෝපය වැඩි කරමින් විකාර කරමින් පැයක් පමණ ඇමතුමේ සිටියේ මා බැන වදින ඒවා පවා නොසලකාය.
පසුවදා orientation එකේදී මාගේ මිතුරන් සියල්ලම වාඩි වූ පසු මාගේ එහා පැත්තේ අසුන ඉතිරි වී තිබුණද මා ඒ ගැන නොතැකුවේ කවුරුන් වාඩි වුවද මට කමක් නැති නිසාය. මා වටපිටෙහි සියල්ල අමතක කර දමා candy crush ගසමින් සිටියේ එය මගේ සිත නිදහස් කරන නිසාවෙනි. මද වේලාවකින් එහා පැත්තේ කිසිවෙකු වාඩි වනු දැනුනත් මා දුරකථනයට නෙත් යොමාගෙන සිටියෙමි.එක්වරම මගේ දුරකථනය කිසිවෙකු ඇද ගත්තේ මා කලබලෙන් බලන විටයි. නැවතත් විනුජ🙂.....ඔහුව මා මෙතරම් ලගින් දුටු ප්‍රථම වතාව එය වීය. මාගේ මුහුණ අසලටම ලං වූ ඔහු එක්වරම..

To be coNTINUED ....

Are u only mine???🥀❤️Where stories live. Discover now