EPISODE 14

17 2 5
                                    

බස් එකේ වාඩිවෙලා ටික වෙලාවක් යනකම් මං එයා දිහා බලාගෙන හිටියේ හිතට දැනෙන අමුතු හැඟීමකුත් එක්ක...එයා මගෙන්  එයාගේ ඇස් බැම්මක් උස්සන ගමන් ඇහුවේ ඇයි කියලා උනත් මට ඒකට දෙන්න උත්තරයක් ඒ වෙලාවෙ තිබ්බේ නෑ....මොන දේ උනත් මං එයාව දාලා යන්නේ නෑ කියන එක මම ඒ වෙලාව වෙනකොටත් තීරණය කරලා ඉවරයි ඉවරයි. මොකද මම හිතාගන්නවත් බැරි තරම් ගොඩක් එයාට ආදරේ කරනවා කියලා මට තේරුනේ එයා මූනත් අමුතු කරගෙන බීච් එකේ වාඩිවෙලා හිටපු වෙලාවේ... ඒ වෙලාවෙ මට දැනුණ දුක කියාගන්න තේරුනේ නෑ.... ටිකක් වෙලා ඒ විදිහට වාඩිවෙලා ඉන්නකොට එයා මගෙ අතින් අල්ල ගත්තේ බෑග් එකට යටින්...
  ටිකක් වෙලා යනකොට මම එයාගෙ බඳවලට යට දාගත්ත මට තවදුරටත් එයාගෙන් ඈත් වෙලා ඉන්න ඕනේ නෑ කියලා තේරුන නිසා....මොකද මම දැන් එයාට ආදරෙයි කියලා ඉවර නිසා මට නිදහසේ එයා මගේ හිතට එන ඕනි දෙයක් කරන්න පුළුවන් කියලා වගේම මට මං වෙලා එයා ගාව ඉන්න පුළුවන් කියන එක මට දැනිලා තිබුනේ....මං එයාගෙ බද වටෙන් අත දාගන්නකොට එයා ටිකක් පුදුම උනත් එයා මගෙ කර වටෙන් අත දාලා මාව තව ටිකක් එයාගෙ ඇගට හිර කරගත්තෙ මං එයාගෙ පපුව උඩින් නිකට තියාගෙන   එයාගේ දිහා බලාගෙන ඉන්නකොට....විනූගෙ පිරුනු රෝස පාට ලිප්ස් දිහා මං එක දිගටම බලන් හිටියේ එයාගෙ ඇසුත් මගෙ ලිප්ස් දිහාවටයි...මගෙ ඇස් දිහාටයි මාරුවෙන් මාරුවට යනවා කියලා මට තේරෙනකොට...මට තවත් එහෙම ඉන්න බැරි උනේ එයා එක පාරටම මගෙ තොල්  අල්ලගත්තෙ මාත් දන්නෙම නැතුව ඒකට හවුල් වෙද්දි.....ටිකක් වෙලාවක් අපි දෙන්නම නවතින්නෙම නැතුව කිස් කරනකොට එයාගෙ අත දන්නෙම නැතුව ඉන ගාවින් මගෙ ටී ශර්ට් එකෙන් ඇතුලට යන්න ගත්තෙ මගෙන් සිහින් කෙදිරිල්ලක් පිට වෙනකොට.....මං එයාගෙ අත තද කරලා අල්ලගත්තෙ අපි දෙන්නා ඉන්නෙ බස් එකේ නිසයි...කොහොම උනත් අපි දෙන්නා කොල්ලො දෙන්නෙක් නිසයි.....ඒත් එයාට හැමදේම අමතක වෙලා තිබ්බෙ අපේ සිප ගැනිම එයාව වගේම මාවත් උණුසුම් කරලා තිබ්බ නිසා.... මං

විනූ....ඇති නේද ම්ම්ම්...අපි බස් එකේනෙ ඉන්නෙ වස්තුව....

කිව්වාම එයා ලොකූ හුස්මක් ගත්තෙ මාව තද කරලා බදාගන්න ගමන්....

සේශ් මැණික, මට ඔයාව ඕනිනේ....ආදරෙයි කිව්ව ගමන්ම ඇයි මාව දාලා ගෙදර යන්නෙ....මට ගොඩක් පාලුයි පණ....

එයා සිහින් වෙව්ලන හඩකින් එහෙම කිව්වම මගෙ ඇස් වලට ලා තෙතක් ආවෙ එයා ඒක කිව්ව විදියට මට ඇත්තටම අඩන්න ඕනි වගේ හැගීමක් ආව නිසා...මාත් එයාව තද කරලා බදාගන්න ගමන්

දවස් දෙකයිනෙ සුදු බෝලේ...ගෙදර ගියෙ නෑනෙ මං ආවට පස්සෙම....ඔයත් ගෙදර යනවනෙ ඉතින් ....හොදද....

කිව්වාම එයා මූණත් අමුතු කරගෙන මගෙ උරහිසේ ඔලුව තියාගත්තෙ  මං එයා දිහා ආදරෙන් බලාගෙන ඉන්නකොට...එයාගෙන් කියුට් දේවල් මෙහෙම එලියට එන්නෙ කලාතුරකින් නිසා මං එයාගෙ කම්මුලකට කිස් එකක් දුන්නෙ එයා ඇස් පියාගෙනම හිනා වෙනකොට....

You've reached the end of published parts.

⏰ Last updated: Mar 03 ⏰

Add this story to your Library to get notified about new parts!

Are u only mine???🥀❤️Where stories live. Discover now