හිතුවක්කාරකම් තුනායී 🔥

1K 137 156
                                    

කෝල් එක ආන්සර් කරපු ගමන් රුකාට ආදරණීයව අමතන් ගිය මට ආච්චි වැහුනෙ මූ මට පල් එක දාන්න ගත්ත හින්දා.මූ මම අවුරුද්දකින් කතා කරේ නෑ වගේනෙ යකෝ මේ නටන්නෙ.හරි හරි ඉතින්.යම් කිසි දේවල් හින්තා ඒ ගස් ගෙම්බට කතා කරන එක පෝඩ්ඩක් පරක්කු උනා තමයි.පැය අටයිනෙ.එහෙමයි කියලා ඔහොම කරන්න ඕනි යෑ.ඉතින් පුරුදු පරිදි ඌ කතා කරල ඉවර වෙන්නත් කලින් මම මැද්දෙන් පැනල ඇඩ් එකක් දාද්දි අක්කත් අතින් පයින් එක එක ඇක්ෂන් දිදී සහයෝගීතා අනුග්‍රහය දැක්වුවා.හරියට උබ මගෙ මල්ලි.ගැම්මට රණ්ඩු වෙයන් මයෙ පුතා කියලා.

" හරි හරි...දැන් කියාන්කො වස්තුවේ බොසා මොනාත කීවෙ "

" ආ ඒ කියන්නෙ වස්තුව උබ දන්නව ඒ උලම මට කතා කරා කියලා "

" හරි හරි ඉතින්.අපේ උලමි...මම කිව්වෙ අපෙ සුදු අක්කා මට කෝල් එකක් එනව කියලා කිව්වෙ කෝල් එක කට් වෙන්න ලං වෙලානෙ.අනික මට ආන්සර් කරන්න බැරි උනා නම් ඊළග කෝල් එක මයෙවස්තුව උබට තමා යන්නෙ කියලා මම දන්නවනෙ. අනික මම ඉතින් හොද පුතා වගේ ;

උඩද බලා - යට බලන්න ,
ආයෙත් -පුටු යට බලන්න..
පූසන් පාරෙ- නැත්තන්
ඉක්මනින්ම- දුවන් යන්න..

තියරියෙන් මෙයාගෙ පූස් වස්තුලාව පාගන්නෙ නැතුව කාමරේට එනකොට කෝල් එක කට් වෙ... "

( පාර පනින්න කලින් කවි කියපු ළමයි ඉන්නවදෝ 🙋 )

" අනේ ඇති යකෝ.මගෙ ඔලුවත් රිදෙනව.. මොනවද ඒ කිව්වෙ.සිංදුවක්ද ? අහලත් පුරුදුයි.ඒ උනාට ප්‍රොසෙස් වෙන්නෙ නෑ උබ බෙල්ල මිරිකලා වගේ යටිගිරියෙන් කෑ ගහල කියනකොට"

ඕකට තමා කියන්නෙ බෙස්ටා උනත් කුහකකම කියලා.මගෙ හැකියාවට ඕකා ගැරහුවෙ.

අනික දෙයියො දෙනකොට කොහොමත් බූතයෝ ඔරෝනවනෙ මල්ලි...
නැත්ද නම්කිලා

" අනික ආයූ...මගෙ සර්කිට් එක අවුල් යන්නෙම කවද හරි උබ හින්දා තමා කිරිපුතේ.දැන් මම උබට කෝල් කරේ ඇයි කියලත් මට මතක නෑ "

ඔය කොරන් තියෙන්නෙ.මෙච්චර වෙලා මට බැනපු පොරට දැන් බනින්න හේතු උන සිද්ධියත් අමතක වෙලා.

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Where stories live. Discover now