🧓 " මේ කිරි පුතේ "
🦁 "ම්ම්ම් ?"
🧓 " දැන් අපේ එකත් නැති එකේ ලස්සන කෙලි පොඩ්ඩක් බැන්දොත් මොකද ?"
මදුරුවෝ හපුට්ටො තල තලා සොහොනෙ ඉන්න ගමන් අත්තම්මට පහළ වෙන්නෙත් යස අගේ ඇති අදහස්නෙ...
වෙන එකක් බදින එකේ වරදකුත් නෑනෙ...🧓" අනික නෙතුවා උනත් උගෙ දේවල් ඔක්කොම මගෙ නමට ලියලා තියෙන්නෙ. ඌ හිතුවෙ නෑනෙ මෙච්චර ඉක්මනට උට යන්න වෙයි කියලා .මටත් ඕවෑන් වැඩක් නැති එකේ මං උබට ඒ ටික ලියලා දෙන්නම්. ගිහින් ගනින් උබ හොද කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි.
අරන් හොද පවුලක් පන්සලක් වෙලා පවුල් කාපන් මයේකා.... "🦁 " ඒකත් හැබෑව තමා.. කම්මුක්කෝ හොද පවුලක්....
ට්‍රීං ට්‍රීං 📳
"අ.. අත්ත්.. ම්මේ... හවස් යාමෙ යකෙක්ට කියලා ගස්සෝගන්න එහෙම ඕනි නෑ නේද.. හෙ හේ.... මොකද ඔයා ඔය කන්න හදන්නෙම මගෙ පවුල තමා... !"
🧓 " මොකද උඹ වෙවුලන්නේ ? සන්නියද ?
අනික යක්කුන්ට කියලා ගස්සෝගන්ට මට පිස්සුයෑ මගෙ මිනිහා තාම ජීවත් වෙලා ඉද්දි. අනික ඔය කොයි කොයි යකාටත් අපි බය නම් සොහොනෙ ගෙවල් හදන්නෙ නෑනෙ සන්. සෝ ශට් අප් ... ප්ලීස් බී සයිලන්සර් ... "අම්මා එක්ක කියව කියව ඉන්නකොට කටේ බ්රේක් නැතුව මාත් කියවන් ගියා වෙද්දි වැරදිලා මට කියවුනු එකක් හින්දා මම හිතන්නෙ මම ඉල්ලන් කෑවා.
මං ඉල්ලන් කාපු තරම මට ආපු මැසේජ් එකෙන් යස අගේට විස්තර කරනකොට තව මොන කතාද ?" මං ඉන්නකම් උබට නටන්න වෙන්නෙ නෑ හහ්. හරිතේ. වෙන හාල් කෑලි ගන්න ගියොත් කඩන්නෙ කකුල්. වෙන පවුලක් කරගහන්න ආස ඇති නේද මහත්තයා ? හා කිව්වත් එක්ක නේද ? කිඹුලම කාපිය උබෙ කට . ගොන් වස්සා. චපලයා උඹ . මං ආදරේ නෑ උබට...
අනික උබ ගැන මම රාත්තිරියට බලාගන්නම් හබී!"එහෙන් එකෙක් මැසේජ් එව එවා ඔලුව කද්දි අත්තම්මගෙ හැටේ දසකෙ ඉංගිරීසි තේරුම් ගන්න ගිහින් මොලේට සමනල් ගැටත් වට්ටෝ ගත්ත මං මානසිකවම වැටිලා බලන් උන්නා.
ම්හුක්... ඔය කවුරු කවුරු බැන්නත් මේ ඉන්නෙ පෙරාපු රත්තරන් වගේ පිරිසිදු හිතක් තියෙන අහිංසක කොව්වෙක්...
මං ඇවිත් රහසින්වත් පව් නොකරන සිරිමත්ට වඩා පිංවත් අසිරිමත් පුතෙක්..
YOU ARE READING
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅
Fanfictionහිතුවක්කාරයෝ දෙන්නෙක් එකට මුණගැහුනාම කොහොම තියේවිද 🤷🥀