හිතුවක්කාරකම් හතළිස් එකායී 🔥

451 38 180
                                    

Author pov

🦁 " මේකාව අරන් පලයන් රුක්ෂාන් "

මෙතන දැන් මොනදේ වෙන්න තිබුනත් මට එයාට කරදරයක් වෙනවා බලන්න බෑ . හීරීමක්වත් මං උබට වෙන්න දෙන්නෙ නෑ සුදු මැණික...
රුකා එක්ක මගෙ කොල්ලව යවන එක තමා කරන්න තියෙන එකම දේ ...

යුගීගෙ හිත යකාගෙ කම්මල වගේ. තමන්ගෙ මිෂන් එක සක්සස් කරගන්න එක වගේම තමන්ගෙ කොල්ලව රැක ගන්න එක , දෙකම එකපාර කරන්න වෙලයි තියෙන්නෙ. නොහිතපු ඇටෑක් එකක් හින්දා මුලු ටීම් එකම ඉන්නෙත් විසිරිලා. ඉතින් දැන් ලැබෙන පොඩි අවස්ථාවක් හරි ඇති කාටහරි ලොකුම ලොකු අනතුරක් වෙන්න. ඒත් ඉතින් මූ ඉදලා ඉදලා බැදගත්තෙ දඩබ්බර බඩ්ඩක්නෙ.

🐰 " මං එහෙම යන්න නෙවෙයි මෙතෙන්ට ආවෙ. ආන් ඒක මතක තියාගන්නවා . එකට නම් ආවෙ අපි යන්නෙ එකටමයි "

සුදු මැණික උඹ පස්සෙ හිතුවක්කාර වෙයන්කෝ... කියන දේ දැන් නොහැව්වොත් මට කේන්ති යයි පණ. 

යුගීගෙ හිත කෑ ගහනවා...  ඇස් කොන් දැනටම රතු වෙලා. දතකට පූට්ටු කරන් කේන්තිය පාලනය කරන් ඉන්න කොල්ලා ලොකු ට්‍රයි එකක් දෙනවා. මොකද උගෙ ලිමිට් පැන්නා කියන්නෙ කියන්නෙ කරන්නෙ මොකක්ද කියලා උටම තේරුමක් නැතුව යන එක.

 මොකද උගෙ ලිමිට් පැන්නා කියන්නෙ කියන්නෙ කරන්නෙ මොකක්ද කියලා උටම තේරුමක් නැතුව යන එක

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

🦁 " උබ මගෙන් පාරක් නොකා කියන එක අහලා රුකා එක්ක පලයන් යකෝ "

ආයෙමත් ඒ හඬ ගුගුරද්දි අනෙකගෙ හිතුවක්කාර ඇස් වල බැල්ම තියා ඇහි පියක්වත් හෙලවුනේ නම් නෑ . මේ ගර්ජනා වලට ටීම් එකේ උන්ව මැරෙන්න බය කරන්න පුලුවන් උනාට තමන් ඉස්සරහ ඉන්න කොල්ලා හෙලවෙන්නෙවත් නැති වෙද්දි තමා යුගීට තද වෙන්නෙ . ඉවසනව කියලා මෙහෙමත් ඉවසන්න පුලුවන් යෑ...

හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅Tempat cerita menjadi hidup. Temukan sekarang