Author pov :-
🐰" ආර්ර්ඝ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්.. ඌයිහ්හ්හ් යුගී... "
🦁" මොකද කෑ ගහන්නෙ ම්ම් ? "
🐰" ඔහොම ටොකු අනින්න එපා මිනිහො මොලේ දෙපතුල ලග තියෙයි මෙහෙම ගියොත් ඈ. හිල් උනාද මන්දා ඔලුවත්..ම්හුක් "
🦁" බොරුවට හුචුක් කුචුක් නොගා ඉන්නවා බබා. ඒක එච්චර සැරට වැදුන් නෑ ... අනික ඔයිට වඩා රිදෙන ඒවා තියෙයි ඉස්සරහට . ඉන්නවකො එතකන්... "
වෙනදා වගේ නැතුව අද යුගීගෙ කටහඩේ කේන්තියක් !
ඒත් ඇයි ඒ. කේන්තියක්මද නැත්තන් ඒකට කියන්න ඕනි ඉරිසියාව කියලද . ඒක දන්නෙ යුගීම තමා.රෑ 12 ත් පහු වෙලා. තිබ්බ නාඩගම් ඔක්කොම ඉවරෙටම ඉවරයක් කරලා දැම්මත් හැමෝගෙම හොදට හංගපු කොටස් නැතුවම නෙවෙයි. ඒවා අදාළ අය අදාළ විදියට විසද ගද්දෙන් කියලා ගෙදරට ඇවිත් ඉදපු අමුත්තො ටික ආයෙම ගිහින් තිබුනා වගේම සමහරු නම් අමුත්තන්ගෙ කාමර වලට වග කියලා තිබුනා.
එලිවුනු සමහර සමහර දේවල් හින්දා යුගීට කේන්ති ගිහින් නම් ඒක සාධාරණයි . හැබැයි නෙතුන්ට බය වෙන්න කාරණාවක් ඉතුරු වෙලා තිබ්බා. බය වෙන්නම නෙවෙයි ඒක පුදුම වෙන්න හේතුවක් .
නෙතුන් හිතපු තරම් රිඇක්ෂන් එකක් යුගීගෙන් තිබුන් නෑ . අඩුම හැගීමක්වත්. ඒත් ඒක වෙන්න කොහොමද , එහෙම උනේ ඇයි කියලා කොල්ලට අදහසක් නෑ . මොකද එයා දන්න එකම දේ උනු දේවල් අනුව මේක ඉවර වෙන්න තිබ්බෙ මෙහෙම නෙවෙයි කියලා විතරයි.
නෙතුන්ට පුදුමයි කාලෙකට කලින් නැති උන අක්කා හින්දා හුගක් දුකින් , වේදනාවෙන් හිටපු යුගීටම අද අක්කව මුණ ගස්සලත් කිසිම රිඇක්ෂන් එකක් පෙන්නුවෙ නැති එක ගැන. එහෙම වෙන්න පුලුවන්ද . නැත්තන් කොහෙන් හරි එයාට බැරිවෙලාවත් මොකුත් මගෑරුනද...
සමහරවිට සම්පූර්ණයෙන්ම ඇත්ත කතාව එලියට ආපු නැති හින්දා මෙහෙම දෙයක් උනාද කියලත් කොල්ලට නොහිතුනාම නෙවෙයි . මේ වෙලාවෙම ඇත්ත කියලා හැමදේම විසඳගත්තා නම් එයාලට අඩුම එයාලගෙ පවුල් ජීවිතේ හරි ලස්සනට ගත කරන්න පුලුවන් නේද කියලත් ඒ අස්සෙ කල්පනා වෙනවා. මොකක්ද කරන්නෙ කියලා හිතින් දෙපැත්තට වැනි වැනී හිටපු කොල්ලව ගැස්සුනේ ආයෙම ඔලුවට වැදුනු ටොකු පාරක් හින්දා .
YOU ARE READING
හිතුවක්කාර 🔥 ( Yizhan ) Complete ✅
Fanfictionහිතුවක්කාරයෝ දෙන්නෙක් එකට මුණගැහුනාම කොහොම තියේවිද 🤷🥀