1 වන දිගහැරුම 📚❤️

190 22 2
                                    


" මේ අහපන් මචං...උඹ ඔය අදත් බටර් පාරක් ගලා මාව ඇදන් යන්නේ උඹේ යක්ශ සිහින කුමාරයා බලන්න යන්න නම්.... ම්ම්ම් සොරි මං එන්නේ නෑ....හුම්#"

" මොකක්ද බං උඹ මගේ යාළුවානේ....සපෝට් එකක් දියන් කෝ..... බං"

" මං කිව්වානේ ඒක උඹට සෙට් නෑ... බං...."

" කොල්ලෙක් නිසාද... කොල්ලෙක් ට ආදරේ කරන එක වරදක් ද බං...උඹට මාව පි...."

" හුත්#..උඹට පිස්සු ද බං කවුද එහෙම කිව්වේ.... ආදරේ කියන්නේ ආදරේ ඒක මං හොදට දන්නවා මං කියන්නෙ අහස් ගැන උඹ දන්නවනේ ඌ එච්චර හොද එකෙක් නෙවෙයි...."

" මං දන්නවා බං....මොනා කරන්නද මටත් නොදැනිම මගේ හදවත අහස්ට අදරේ කරන්න පටන් අරං බං.... මං උස්සහ කළා ඒක නතර කරන්න ඒත්.... ඒත්...මට බැහැ.... මං හරි ආදරෙයි බං...."

" හරි...හරි... යමන් දැන් උඹේ සිහින කුමාරයා බලලා එන්න...."

" මොනා උනත් උඹ හරි හොද එකා බං..."

" උඹේ බටර් උඹ ළගම තියා ගනිම් මචං.... මං වගේ කල්‍යාණ මිත්‍රයෙක් ලබන්න උඹ වගේ පාප මිත්‍රයෙක් කොච්චර පිං කරන්න ඕනෙද කියලා බලහන්..."

" ඇත්තට...."

ලා දුඹුරු පැහැති සිත් ඇදගන්නා සුළු නෙත් යුගලකට උරුමකම් කියූ ඔහු නමින් විරු නේත්‍ර දිසානායක අවුරුදු 25 කඩවසම් නිහතමානී ආදරණිය චරිතයක්...කුඩාකලම තම මව හා පියාගේ වෙන් වීමෙන් පසු නේත්‍ර අවුරුදු 18 වන තුරුම හැදි වැඩුනේ නේවාසිකා ගරයකය...ආදර සෙනෙහස යනු කුමක්ද කියාවත් වැටහීමක් නොමැති නේත්‍රට අහම්බෙන් නෙත් ගැටෙන්නේ හුරතල් මුත් විසේකාර තද ගතිපැවතුම් ඇති විශ්වවිද්‍යාලයේ දඩබ්බර ම තරුණයා වු අහස් සේහස්ය බණ්ඩාරය....පළමු බැන්මෙන්ම නේත්‍රගෙ හදවත ඔහුට නොදැනිම අහස්ට ආදරේ කරන්නට විය....රහසක් ලෙසතබාගැනීමට හැකී උනේ ඉතා කුඩා කලක් පමණි කෙමෙන් කෙමෙන් ඒය මුළු විශ්ව විද්‍යාල පුරාම හීයක වේගෙයෙන් පැතිරිමට විය... නේත්‍රගෙ හොදම මිතුරා වූ නිසල් ද එය හොදින් දැන සිටි අතර ඔහු නිතර නිතර පැවසුවේ නේත්‍ර හා අහස් එකෙනෙකාට කිසිසේ නොගැලපෙන බවය...

" පසු වදන"Where stories live. Discover now