8 වන දිගහැරුම 📚❤️

84 12 2
                                    

~ Netha POV ~

"පුංචි මහත්තයා කොලේජ් යන්නද"

මම ලෑස්තියි වෙලා Room එකෙන් එළියට එද්දී ඇහුවේ නැනි අම්මා....

" ඔව්....නැනි අම්මා එද්දී හවස් වෙයි...කෑම තියන්න එපා..."

කියන ගමන් මං හොරෙන් එබිලා බැළුවේ මගේ කාමරේට ටිකක් එහාට වෙන්න තිබුණු තාත්තාගෙයි කුඩ්ම්මාගෙයි කාමරේ දිහා.....

" ම්ම්ම්.... මොනාද බලන්න පුංචි මහත්තයා හොරෙන් හොරෙන්.... හොරෙන් බලන්න දෙයක් නෑ ගිහින් කතා කරන්න පුතේ...මොනා උනත් මගේ රත්තරං පුංචි මහත්තයාගෙ තාත්තා නෙ...."

" හිතුන වෙලාවට ළගට ගන්නයි එපා උණාම විසි කරන්නම් මං සෙල්ලම් බෝනික්කෙක් ද නෑනි අම්මේ... මං හිතන්නෙ මං එයාලට වෛර කරන්නෑ ඒත් මම කලකිරිලා ඉන්නේ..."

ඇත්තටම තාත්තා අම්මා අයියා කොටින් කුඩ්ම්මා ගැනවත් වෛරයක් මගේ හිතේ කොනකවත් අද වෙනකම් තිබිලා නෑ එහෙමයි කියලා ආදරේකුත් මට ඒ මිනිස්සු ගැන දැනිලා නෑ....

" දැන් පුංචි මහත්තයා ඕවා නොහිතා යන්න හදපු ගමන පරිස්සමට ගිහින් එන්න...දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි මගේ රත්තරං පුංචි මහත්තයාට"

නැනිගෙ අම්මාගෙ කකුල් දෙක අල්ලලා වැදපු මම කම්මුලට හාදුවකුත් දුන්නේ පුරුද්දට... මං ගෙදරින් එළියට බහිද්දි ගේට්ටුව ළග නවත්තලා තිබුනේ මට හුරු පුරුදු ඒ බයික් එක....

" උඹ ඇතුළට ආවේ නැතුවට මං බැළුවා ඒ මොකද කියලා...උඹට මෙතන හරියට වැඩනේ... නෙද්දකිම් වනචරයා"🙂😐

නිසල් බයික් එකේ ශිට් එකට හේතුවක් දාන් බලන් හිටියේ ඊට ටිකක් එහාට වෙන්න ෆෝන් එක කනේ ගහන් නැලවෙන කෙල්ල දිහා....

"අඩෝ කවුද බං ඒ...මට සීයට දෙසියක් මීටර් බං ඒකිව...."😩🤔

"ඔව් ඉතිං උඹට සීයට දෙසීයක් නෙවයි සීයට දාහක් මීටර් වෙන්න එපැයි....ඒකිව...."🙂🤌😂

" ම්ම්ම්.... කවුද බං ඒ කෙල්ල ලස්සනයි නේ ඕයි....පට්ට...."😜

"යකෝ තෝ අවුරුදු 4 කරපු නෙත්මි හු##"

මූට මූ අවුරුදු 4 ලව් කරලා ඇහේ නැගනයක් අයියේ අපි ගැලපෙන්නේ නෑ සුදාම්මිට සමාවෙන්න කියලා මූට වික වික ඉන්න දාර බූටක් තියපු එකිව මතක නැති හැටියක්....

"ආහ්.....😌ඈ....සුදාම්මි 😳"

"ඔව්...ඒ අම්මි තමා එකනෙ තොට කිව්වේ මූසලයෝ"

"ඒ මං සෙට් වෙලා ඉද්දී එච්චර තිබ්බේ නෑනේ...🙂🤌"

"මොනාද..🙂"

"කොන්ඩේ හුම්#"😒

"ආහ්...කොහෙද මං ඒ දවස්වල තොට කිව්වානෙ එව්වා පස්සේ දික්කර ගන්න පුළුවන් කියලා...කොහෙද තෝ රට හරකානෙ....."😌🤌

"ඒ වුනාට බම් මං බදින්නමයි මේකි එක්ක යාළු වුනේ ඈ...සිරා....උඹ පල්ලා... හදහන් පවා බැළුවා යකෝ..මමාන්ඩියා කිව්වා ගල් බාගයක් අරං වරෙම් හදහන බලලා දුව දෙන්න බුදු පුතේ කියලා....කොහෙද ඉතිං වැලන් ටයිම් දවසෙ උම්...........මා එකක් දුන්නේ නෑ කියලා ඕකි මාව දාලා ගියේ බං...."

"මං තොට කිව්වානෙ කෙල්ලෝ විශ්වාස කරන්න එපා උන් නයි වගේ කියලා...බලපං ඒකට මං මට නෑනෙ ඔය කෙලි ප්‍රශ්ණනයි... උම්......මා ප්‍රශ්ණයි"

"ඒ උනාට බං අවුල්..."

"ප්‍රශ්නයක් නෑ බං දැන් තොට ගෑනු නෑ...වැලන්ටයිම් නෑ උම්....මා දෙන්න ඕන් නෑ...තෑගී දෙන්න ඕන් නෑ...ගෑණු නෑ කියනිනේ සල්ලී ප්‍රශ්නත් නෑ... දැන් හරිනෙ දැන් හරි....ඈ😌👍"

"හරි කොහෙද.. නෙත්මි නයා වගේ උනාට සදුනි...සදුනි එහෙම නෑ බං...උඹට කියන්න බැරි උනානේ මං නෙත්මි එක්ක යාළු වෙලා ඉද්දී සදුනි තමයි මගේ දුක ඇහුවේ නෙත්මි නයා උනාට සදුනි එම නෑ බං...බලපම් මම රෝස මලක් දීලා දණ ගහලා ආයි නිකං ශාරුක් ඛාන්වගේ සදුනිට ආදරෙයි කියන්නේ ඉතිං... නෙත්මිට පෙන්නම බලපම් කෝ"

"ඉදකිම් විතරක් කේප්ප අවලමා... නැගපම් බයිකෙට... වරෙන් යන්න පරක්කු වෙනවා...."

කොටින්ම කිව්වොත් මූ රට අමු ගොන් වස්සා බූට් කෑම කලාවක් නම් ඒකේ පිකාසෝ නිසල් කියලා බයක් සැකක් නැතුව පොරව දන්න පොඩි එකෙක්ට වුනත් කිව්වෑකි ටක්කෙටම....

__________________________________________________

මං දන් නෑ මේක හොදද නරකද කියලා ඒත් මං මේක ලියන්න මාර ආසයි අනේව්🙂🤌

Yimi kim 🖤✍️

" පසු වදන"Where stories live. Discover now