7 වන දිගහැරුම 📚❤️

99 13 2
                                    

අහස් POV

" මේ පුදුම කරුමයක් උනානේ... මුගේ ආච්චිට හාල් ගරලා මදි මුසලයා....අහු වෙයන්කො තෝ..."

" යේක බේබිලා...තේ...කෝපි...කිරිද බොනවා...."

මට නහුටෙට නැගලා අර අවලම් නේත්‍රයාට බැන බැන ඉද්දී මැද්දට පැන්නලා අන්ඩර දෙමළයක් ඇහුවේ ගෙදර වැඩට ඉන්න මනුස්සා සාමි

" නෑ...සව්....🙂"

මං ආයේන්න ඉතිං උත්තර දුන්නේ පුදුම ඉවසීමකින් මූ ගෙදර වැඩ කාරයෙක් නෙවෙයි මගේ පතාගෙන ආපු ජමන්මාන්තර වෛරක් කාරයෙක්....එක දවසක් මං සද බොද වෙන්න වැදිලා වුන්නු වෙලාවක පොරට සිංහල ශබ්දකෝෂයේ අ යන්නේ ඉදන් ප යන්න වෙනකම් අමතුවා...සාමි හරි ආසයි අළුත් අළුත් සිංහල වචන ඉගෙන ගෙන පඩියා වගේ ටෝක් කරන්න....කරුමේ කියන්නේ මූ එදා ගිහින් ටෝක් කරලා තියෙන්නේ අපේ තාත්තාට... කියලා දුන්නේ මොකාද කියලා අහපුවාම තිරිශනා හිතක් පපුවක් නැති ගාණට මැදගිල්ල උස්සලා පෙන්නුවේ උඩ තට්ටුවට වෙලා ගුලි තුනක් කාලා හතරක් සාක්කුවේ දාන් වැදිලා නෑ වගේ ඉන්න ගැම්මෙන් ට්‍රයි එකක් දෙන අහිංසක මාව.....

" ආහ්...හා බේබිලා....වැඩි සීනි බොනවා අඩු සීනිද බොනවා..."

" සීනි බෝතෙලෙම හලම් වරෙම්...."

"ආහ්...හා...යේක හොදාට බේබිලාට...වැඩි රස්නෙද...මද රස්නෙද බොනවා...."

" පලයම් හුම්# යන්න...නහුටට නැගලා ඉන්න වෙලාවේ ඉටි ගෙඩියක් අහනවා ඇවිත්..."

මම කිව්වේ ඉවසලා ඉවසලා බැරිම තැන ඇහෙන නෑහෙන ගාණට....පොරට ඒක ඇහැලා ද කොහෙද හැරිලා මං බැළුවේ

" යේක මොනාත හුම්# කියනවා...මට තේරෙන්නේ නෑ ඕව්වා මට ශිංහල ටිකක් ටිකක් තමා තේරෙනවා..."

" අනේ...මට ඉන්න දිලා පලකො බං යන්න...සාමි...උඹට සිංහල ටිකක් ටිකක් හරි තේරෙනවා උඹ නිසා දන්න සිංහලත් මට අමතක වෙනවා...."🙂🤌

" යේක...බේබිලට කියන්න යපේ යප්පා....යපිලාට පොඩේ කාලේ ඉදලා යපිලට සිංහල ඉගැන්නුවා....යේක තමා යපිලා යේම යොදට ශිංහල කතා කරනවා...."

" මේක හරියන්නෑ... ඔක්කො උඹ මෙතනින් යන්න ඕනේ... නැත්නම් මං මෙතනින් යන්නොනේ...උඹ ඉදපම් මං යන්නම්...."

" පසු වදන"Where stories live. Discover now