11 වන දිගහැරුම 📚❤️

58 8 4
                                    


" උඹ මොකද යකෝ කට් කරේ...."

මම නිසල්ට ටිකක් ඔරවන ගමන් ඇහුවා....

" ආසාවට.... කටවහගෙන බලපම් Film එක...."

" ඒත් අහස් පව් බං...දුක හිතෙන්න ඇති කොල්ලාට...."

" මචං උඹ කුණුහරුප එහෙම දන්නවාද රත්තරනේ..."

" ඔව් ඉතිං ද... දන්නවා ඇයි උඹ අහන්නේ... මං කියනත..හු"

" ම්ම්ම් එපා..එපා...උඹ දන්නවානේ...හොදවයින් දෙකක් මතක් කර ගනින්කො ඒ ඇති...හොද එකා වගේ..."

" පලයම් යන්න....අවලමා..."

"මංද යකෝ..තෝ තමා අවලමා..."

"අනේ නිකං පලයන් යන්න..."

" මට බෑ... මේක මගේ ගෙදර මූසලයෝ..."

"හ්ම්...."

මම අදේ පැත්තකින් හාන්සි වෙලා කල්පනා කරන්න ගත්තේ අහස්ගෙ අමුතු හැසිරිම ගැන... ඇත්තටම එයා ගොඩක් වෙනස් මාත් එක්ක කතා කරන වචනෙ ඉදන් මං දිහා බලන බැල්ම වෙනකම් මේ දවස් ගාණට ගොඩක් වෙනස් වෙලා....මම හිතනවා වැඩිද.... ඔව් සමහර විට මම හිතනවා වැඩියි....මම සතුටු වෙන්න ඕනේ... මගේ හුස්මකට පවා වෛර කරපු ඒ මනුස්සයා මං ළග දැන් පොඩි එකෙක් වගේ දැවටෙද්දි....ඒක අමුතුයි තමයි.... ඒත් මම සතුටු වෙන්න ඕනේ....

" මොනවාද උඹ ඔය කල්පනා කරන්නෙ.... ම්ම්ම්..."

නිසල් ඇහුවේ මට ටිකක් එහායින් කොට්ටෙත් බදාගෙන ඇදේ හාන්සි වෙන ගමන්.....

" මුකුත් නෑ... නිකං"

" අනේ නිකං පලයන් බං යන්න...අර හම්පඩයා ගැන නේද උඹ ඔය හිතන්නේ"

" උඹ කොහොමද ඒක..."

" සරලයි බං...උඹේ හුස්මක් පවා මං උඹට වඩා හොදට අඳුනනවා...මට බොරු කරන්න උඹට බෑ....ඒක මමත් දන්නවා...මට වඩා හොදට උඹත් දන්නවා..... දැන් කියපම්...උඹ මොනවාද කල්පනා කරේ..."

නිසල් මගේ උරහිසට අතක් තියලා දෙතුන් වතාවක්ම තට්ටු කරා...

" දන්නෙ නෑ බං...මට තේරෙන්නේ නෑ....මට ඕන වුණ දේ අද මට ලැබිලත් හිත කියන්නෙම හරි අමුතු දෙයක්....මට...මට බයයි..."

" ඇයි...."

" සමානයෙන් අහස් කියන්නේ ඒ විදියට හැසිරෙන කොල්ලෙක් නෙවෙයි...."

" පසු වදන"Where stories live. Discover now