_08_

2K 269 5
                                    

" රොන් පොදක් වෙන්නම් හිනහැන මල් ටිකක් මැද්දෙ...
රන් පතක් වෙන්නම් දිදුලන විල් තෙරක් මැද්දෙ...
නිම්නයක් වෙන්නම් සුවදෙන කදුපෙලක් මැද්දෙ...
පෙම්වතෙක් වෙන්නම් සැනසෙන නිල් දෙනෙත් මැද්දෙ... "

යුග්ම හිටියෙ එයාගෙ ගිටාර් එක තුරුලු කරගෙන. ඊට එහාපැතෙන් චනෙරු යුග්මට රවාගෙන අභී එක්ක ස්ටේජ් එක උඩ තිබ්බ පහන හදනවා. ස්ටේජ් එකෙන් පහල එයෝන් යුග්ම දිහා බලන් හිටියෙ ලස්සන හිනාවක් එක්ක.. හැබැයි යුග්ම ගෙ ඇස් තිබ්බෙ ඒ කොහෙවත් නෙවෙයි මේන් හෝල් එකෙ තිබ්බ ලොකු මේසෙකට හේත්තුවක් දාගෙන තව කොල්ලො දෙන්නෙක් එක්ක බරටම කතාවක් දාගෙන ඉන්න ආරෝන් දිහාවට..
හෙඩ් බෝඩ් එකෙ අයයි ජූනියර් බෝඩ් එකෙ ප්‍රිෆෙක්ට්ස් ලයි ඔක්කොම අද තියෙන ප්‍රයිස් ගිවින් එකට මේන් හෝල් එක ලෑස්ති කරන ගමන් හිටියෙ. ඒ ළග තිබ්බ ගිටාර් එකක් අරන් යුග්ම සින්දුවක් කියද්දි අනිත් කොල්ලො ටිකත් මෙච්චර වෙලා තිබ්බ සද්දෙ අඩු කරලා ඒ වචන වලට සමවැදිලා වැඩ කරගෙන ගියා..යුග්මට තිබ්බෙ ලස්සන ගැබුරු කටහඩක්. ඒ කටහඩ යුග්ම ට ලැබුනෙ  එයාගෙ අම්මගෙන්.. යුග්මලයි පවුල කොච්චර බිසී වුනත් ඒක මියුසික් වලට ගොඩක් බර ෆැමිලි එකක්.. ඉතින් යුග්ම ත් දන්න කාලෙ ඉදන්ම හැදුනෙ මියුසික් එක්ක..

කොල්ලා හිටියෙ ඈතින් පේන ආරෝන් ගෙ රූපෙ දිහා බලාගෙන ගිටාර් එක ප්ලෙ කරනගමන්... ආරෝන් එකපාරක් දෙපාරක් යුග්ම දිහා බලලා අහක බලාගත්තා...
චනෙරුනම් මේ බැල්මවල් දකින දකින සැරේට රවාගෙන ඉද්දි එයෝන් නම් ලස්සන හිනාවක් යුග්මට දුන්නා.. මොකද දැන් යුග්ම ඉන්න තත්වෙම එයෝන් කලින් ඉදලා තිබ්බා ඉතින් එයෝන් ට පුලුවන් කවුරු නැතත් යුග්ම ගෙ පැත්තෙ ඉන්න..

වෙනදට හැම වැඩක්ම තමන්ගෙ අතට අරන් කරන යුග්ම අද ටිකක් පැත්තකට වෙලා ඉද්දි අභී යුග්මට එහෙම්ම ඉන්න දීලා ඉතුරු වුනු වැඩ ටික චනෙරු එක්ක කරන්න ගත්තා..

අභී.. මන් දිනුජි මිස් හම්බෙලා එන්නම් පුටුවල නම්බර්ස් ටික ඉල්ලගන්න ඕන..

යුග්ම ගිටාර් එක පැත්තකින් තියලා නැගිටලා තනියෙන් ම මේන් හෝල් එකෙන් එලියට ගියා. කොල්ලගෙ අද හැසිරීම අමුතුයි ඒත් කවුරුවත් මුකුත් අහන්න ගියෙ නැත්තෙ යුග්ම කියන්නෙ හිතෙ තියෙන දෙයක් ලේසියෙන් පිටට දෙන කෙනෙක් නෙවෙයි නිසා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now