_42_

1.9K 233 29
                                    

" මේ මිනිහා මාවත් දාලා දුවලා ගිහින් ද "

යුග්ම හිටියෙ පේන මානෙකවත් නැති ආරෝන් ට හෝ ගාලා බනින ගමන්..
වෙනදට එලියට අදින විදියෙ ඇදුමක් නැතුව ටෑන්ක් ටොප් එකකට ඩෙනිම් ෂෝටක් ගහගෙන කලු පාට සන්ග්ලාස් එක එක්ක කොල්ලට අමුතු ලුක් එකක් ඇවිල්ලා තිබ්බා.
උදේ ඉදන් තිබ්බ අමුතු කික් එක එක්ක කොල්ලා දුවගෙන ගිහින් මිදුලෙ නවත්තලා තිබ්බ බෙන්ස් එකෙ පැසෙන්ජර් ෂීට් එකට නගිද්දි ෆෝන් එකට ඔලුව දාගෙන හිටිය ආරෝන් ගැස්සිලා ගිහින් යුග්ම දිහා බලන් හිටියෙ අර නිල් ඇස් දෙක තරු කැට දෙකක් ගානටම දිලිසෙද්දි..

" ඇයි මේහ්"

ඒ ඇස් දෙක ලොකු කලබලයකින් යුග්ම ගෙ ඇග පුරා යද්දි යුග්ම අනිත් පැත්ත හැරිලා ෂීට් බෙල්ට් එක දාගත්තා. අද ඉතින් පොඩ්ඩක් වෙනස් විදියට ඇන්දා තමයි එහෙමයි කියලා ඉතින් ඔහොම බලන්න ඕන නෑනෙ..
ඒ ඇස් දිලිසෙනවා තරු කියන්නෙ මොනවද කියලා හිතෙන තරමට ම ඒවා දිලිසෙනවා..

" ම..මම.. උබව ඔහොම දැක්කමයි.. ඔය විදියට උබට මාරම ලුක් එකක් තියෙනවා අයියේ.. යොහ්.. පටන්ගත්ත ගමන් ම මාව අල්ලලා කැරකෙව්වා වගේ "

ඉතින් තවත් බලන් ඉන්නෙ මොකටද.. යුග්ම ගෙ තොල් දෙක ඒ මුව ඇතුළෙ අතුරුදහන් වෙලා ගියා..ඒ සිනිදු පහසට යුග්ම ගෙ ඇස් දෙක පියවිලා යද්දි යුග්ම ෂීට් බෙල්ට් එක පන්නලා දාලා ආරෝන් දිහාවට නැවුනෙ තමන් ගෙ මුලු අයිතියම ඒ දෑතට දෙන ගමන්.තත්පර විනාඩි වෙන්න ගිය අතරේ රලුත් නැති සිනිදුත් නැති හාදුවක් ගලාගෙන යන ගමන් තිබ්බා. ආරෝන් හාදුව පුරාවටම හිටියෙ යුග්ම ගෙ මූනෙ මැවෙන ඉරියව් දිහා බලාගෙන.. මීට කලින් මේ විදියටම කිස් කරලා තිබ්බත් යුග්ම ගෙ වැහිච්ච ඇස් අස්සෙන් පේන එක එක විදියෙ ඉරියව් ආරෝන් පැහැදිලිවම දැක්කෙ අද..

අවසානෙට ආරෝන් යුග්ම ගෙ නලලෙ දකුනු කෙලවරින් තොල් තදකරේ යුග්ම ව අත් දෙකෙන්ම තුරුල් කරගන්න ගමන්.. සීයක් හාදු ලැබුනත් යුග්ම ආසම කරේ අර අන්තිමට ලැබෙන නලල කොනේ හාදුවට.. ඉතින් නොහිතා ම කොල්ලගෙ මුවෙ ලස්සන හිනාවක් ඇදුනා.

" ඔයාගෙ ඇස් දිලිසෙනවා.. "

යුග්ම ඒ ඇහිපිහාටු උඩින් ඇගිල්ලක් ගෙනිච්චෙ හීන් සිරුවට.. හරියට නිකන් මුහුදු වතුරට ඉර එලිය වැටිලා වගේ..

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now