_38_

1.9K 260 38
                                    

ඔරලෝසුවෙ කටු තරගෙට දුවද්දි දවස් සති වෙලා සති මාස වෙන්න ගියේ හරිම පොඩි කාලයයි.. ජීවිතේ එන එක එක කාර්තු ගෙවාගන්න මිනිස්සු එක එක විදියට තරග වදිද්දි සතුට කියන වචනෙ තේරුම උන්ට ගොඩක් දුර වුනා.. ඉතින් තවමත් නොලැබුනු වස්සානය ක් වෙනුවෙන් ගොඩක් මිනිස්සු මග බලන් ඉන්නවා..

ටර්ම් ටෙස්ට් ඉවර වෙලා අලුත් ටර්ම් එක පටන් ගත්තත් දවසක්වත් නිවාඩුවක් ලැබුනෙ නැත්තෙ විකාරයක් වෙලා තිබ්බ කාල සටහන් නිසා. සබ්ජෙක්ට් තුන ගොඩ දාගන්න නිදිමරාගෙන වැඩ නොකෙරුවත් එයෝන් ගෙ පිහිටෙන් කොල්ලො හතර දෙනාම යන්තම් පේපර්ස් ටික ගොඩ දාගත්තා. සමහරු තිස් පහේ සීමාව පන්නවන්න බලන් ඉද්දිම තවත් සමහරු හැත්ත පහෙ සීමාව පන්නගන්න මහන්සි වෙනවා.. වෙනසක් නෑ මේ පස් දෙනා අතර තිබ්බෙත් එහෙම දෙයක්. එයෝන් කවදත් ඇකඩමික් පැත්තෙන් වැඩ්ඩෙක් වෙද්දි අනිත් හතරටම ඕන වුනෙ කොහොමහරි තිස් පහක් ගහලා එස් එකක් ලයින් කරගන්න..

දවල් ට කෑවද... කඩෙන් කන්න එපා හැමදාම ඇගට හොද නෑ අන්කල් ට කියලා මොනාහරි උයව ගන්න

කාලා ඉවරයි ද.. බෙහෙත් බිව්වද

මතක ඇතුව බෙහෙත් බොන්න..

ෆෝන් එකෙ නොටිෆිකේෂන් බාර් එකෙ විනාඩි පහෙන් පහට වැටෙන මැසේජ් ටික බලාගෙන හිටිය යුග්ම ගෙ මූනට හිනාවක් ආවා. ඉන්නෙ කොහෙද.. කාත් එක්ක ද ඉන්නෙ.. කියලා අහන මැසෙජ් වෙනුවට හැමදාම ෆෝන් එකට එන්නෙ බෙහෙත් බොන්න මතක් කරපුවා... යුග්ම බෙහෙත් කවර ටික අවුස්සලා එක එක ජාතියෙන් බෙහෙත් පෙති පහක් අරන් එක වතුර උගුරක් එක්ක කටට දාගත්තා. දන්න කාලෙ ඉදන් බීපු ගැස්ට්‍රයිටිස් වලට බොන බෙහෙත් පෙති ටික එක්ක ලගදි ඩොක්ටර් ලියලා දීපු බෙහෙත් ටික යුග්ම ඊයෙ අයින් කරලා දැන්මා.

" මොකද කරන්නෙ ආරූ.. තාම එන ගමන් ද "

" ම්ම්.. දැන් කොලබට ලගයි "

" අහ්.. සීයා ඔයාලා එක්ක මෙහෙ එනවද "

" ඔව්...එයාව නුවර එලියෙ දාලා එන්න බෑනෙ
එයාට දැන් ටිකක් අමාරුයි ඒ නිසා තාත්තා එයාව අපි එක්ක එක්කන් ආවා. මන් ගෙදර ගිහින් කෝල් එකක් ගන්නම් බෙහෙත් බිව්වා නෙ... පරිස්සමින් ඉන්න "

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now