_14_

1.9K 279 5
                                    

යුග්ම හිටියෙ උදේම බෝඩ් මීටින් එක ඉවර වෙලා ග්‍රවුන්ඩ් එකට යන ගමන් ඒලෙවෙල් සෙක්ෂන් එකයි ඕලෙවෙල් එකයි ඇරෙන්න අනිත් හැම සෙක්ෂන් එකකම ලමයි ග්‍රවුන්ඩ් එකට වැටිලා උදේ නවයෙ ඉදන්ම ප්‍රැක්ටිස්. අද තිබ්බෙ ක්‍රිකට් මැච් ටික. ග්‍රවුන්ඩ් එකෙ පැත්තක ප්‍රයිමරි ලමයිගෙ ඩ්‍රිල් එක ප්‍රැක්ටිස් වෙද්දි අනිත් පැත්තෙ ක්‍රිකට් මැච් එකට ලෑස්ති වෙන ගමන් හිටියෙ. ඩියුටි ටික ඔක්කොම ජූනියර් බෝඩ් එකට බාර දුන්නෙ අද මීටින් එකෙදිමයි. යුග්ම මේ සීනියර් බෝඩ් එකේ අය එක්ක යන්නෙ ඕලෙවෙල් සෙක්ෂන් එකට. අද උදේ හැමදාම වගෙ ගේට් එක ගාව බෑග් චෙක් කරද්දි එකොලහ වසරෙ කොල්ලො දෙන්නෙක්ගෙම බෑග් වල තිබිලා ඩන්හිල් පෙට්ටි දෙකක් අහුවුනෙ.. ඊටපස්සේ ප්‍රින්සිපල් මුලු සෙක්ෂන් එකේම බෑග් චෙක් කරවන්න ප්‍රිෆෙක්ට්ස්ලට යැව්වා. අභී අද ක්‍රිකට් මැච් එකේ ඉද්දි චනෙරුත් එතන වැඩ ගොඩකට හිරවෙද්දි යුග්ම අනිත් ප්‍රිෆෙක්ට්ස්ලා එක්ක ලෑස්ති වුනෙ එකොලහ වසරෙ පන්ති අටේම බෑග් චෙක් කරන්න.

" අද සෙක්ෂන් එකෙ වැඩිය ලමයි ඉස්කෝලෙ ඇවිල්ලා නෑ ඒ නිසා ඉක්මනට බෑග් ටික චෙක් කරපන්. අවුස්සලා දාන්නෙ නැතුව පිලිවෙලට කරන්න ඕන සල්ලි එහෙම කිසිම දෙයක් නැති වෙන්න බෑ බෑග් වල තියෙන. එක ක්ලාස් එකක් හතර දෙනෙක්ට දීලා ඇත්තෙ ඒ ක්ලාස් එකේ කාගෙහරි දෙයක් නැතිවෙලා තිබ්බොත් උබලට ම තමයි ප්‍රශ්නයක් වෙන්නෙ. ඒ නිසා පරිස්සමෙන් ඉක්මනට වැඩෙ ඉවර කරමු "

යුග්ම අනිත් අයටත් කියන්න ඕන ඒවා කියලා සෙක්ෂන් එකේ තිබ්බ කොනේම පන්තියට ගියෙ තව තුන්දෙනෙක් එක්ක.
බෑග් චෙක් කරන එක සාමාන්‍යයෙන් ඉස්කෝලෙ ඇතුලෙ ගොඩක් වෙලාවට වෙන දෙයක්. ප්‍රිෆෙක්ට්ස්ලා බෑග් චෙක් කරනකම් මුලු සෙක්ෂන් එකම ග්‍රවුන්ඩ් එකට දැම්මෙ බෑග් චෙක් කරන ආරංචිය ඊට කලින් එලියට යන්න නොදී තියාගන්න ප්‍රිෆෙක්ට්ස්ලා බලාගත්තා.
යුග්ම චෙක් කරපු පන්තියෙන් සිගරට් අහුවුනෙ නැති වුනාට හිස් සිගරට් පෙට්ටි තුනක් අහුවුනා. ඒවා බෑග් පිටින්ම එලියෙන් තියපු යුග්ම ඊලගට එතන ඉස්සරහින් තිබ්බ පේලියට ගියෙ මුලින්ම තිබ්බ බෑග් එකට අත තියන ගමන් වෙන කාගෙවත් නෙවෙයි ඒ බෑග් එක ආරෝන් ගෙ. යුග්ම ඒක කලින්ම දැනගෙන ම තමයි මේ පැත්ත එයා චෙක් කරන්න අරන් අනිත් තුන් දෙනාව අනිත් පේලි වලට යැව්වෙ. තනි කලු බෑග් එක සම්පුර්ණයෙන්ම හිස් අඩුම ලන්ච් බොක්ස් එකක්වත් තිබ්බෙ නෑ.
" මුලු දවසෙ ම ග්‍රවුන්ඩ් එකෙ ඉන්න බලන් ඇවිල්ලා තියෙන්නෙ.."
බෑග් එක ඇතුලෙ තිබ්බ ටිකක් ලොකු පොකට් එකක් ඇතුලෙ තිබිලා යුග්ම එලියට ගත්තෙ බයික් එකක කී එකක්. ඒක ආයි ඇතුලට දාලා අත ගනිද්දි යුග්ම ගෙ ඇස් දෙක ලොකු වුනෙ ඇතුලෙ තිබිලා අතේ ගෑවුනු දෙයක් නිසා. යුග්ම ඉක්මනට අත් දෙක බෑග් එකෙන් එලියට අරන් වටපිට බැලුවෙ අනිත් තුන්දෙනා ඒක දැක්කද බලන්න. ඒ තුන් දෙනා වෙනම පේලි තුනක බෑග් අවුස්සනවා. යුග්ම ආයිත් බෑග් එක ඇතුලට අත දාලා ඇතුළෙ තිබ්බ කොන්ඩම් පැකට් එක අරන් ඉක්මනට ඒක සාක්කුවට දාගෙන ලොකු හුස්මක් ගත්තෙ එතනින් ඉස්සරහ තිබ්බ පේලියට යන ගමන්.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now