_15_

2.1K 314 26
                                    

ක්‍රිකට් මැච් එක පුරුදු විදියටම ගැමුණු එක වින් කරද්දි ඊයෙ තිබ්බ බාස්කට් බෝල් මැච් එකෙන් යුග්මගෙ හවුස් එක වින්කරා. ස්පොර්ට්ස් මීට් එකට කලින් තියෙන මැච් වලින් තුනක් දැනටමත් ඉවර වෙලා තිබ්බෙ. රනින් ඉවෙන්ට්ස් තියෙන්න තිබ්බෙ ස්පොර්ට්ස් මීට් එක දවසෙමයි. මැච් අස්සෙ ම ස්පොර්ට්ස් මීට් එකෙ අනිත් වැඩයි ඉන්විටේෂන් හදන එකයි කොටින්ම ඩ්‍රිල් වලට අවුට්ෆිට් තෝරන එකේ ඉදලම කොල්ලො ඔක්කොම මේ වෙද්දි හෙනටම බිසී වෙලා හිටියෙ. ප්‍රයිමරි එකෙ ඩ්‍රිල් එකයි වෙස්ටන් බෑන්ඩ් දෙකෙ න් කරන අයිටම් දෙකයි ඔක්කොටම ප්‍රැක්ටිස් අද එකම වෙලාවෙ ග්‍රවුන්ඩ් එකේ එක එක පැති වල තියෙන ගමන් තිබ්බෙ. යුග්ම ටත් අද ස්විමින් ප්‍රැක්ටිස් ඉස්කෝලෙ පූල් එකක් තිබ්බ නිසා ස්විමින් ප්‍රැක්ටිස් තිබ්බෙ ඉස්කොලෙමයි. ඊයෙ හවස් වෙනකම් ඉස්කොලෙ හිටිය නිසා යුග්ම අභී එක්ක අද ඉස්කොලෙට එන්න ආවෙ ටිකක් දවල් වෙලා.

" යුග් ලබන සතියෙ රාජකීයෙ  ස්පොර්ට්ස්මීට් එක ප්‍රින්සිපල් එක්ක අපි දෙන්නට යන්න වෙයි.. "
යුග්ම අභී දෙන්නම හිටියෙ වැඩ වලින් ඕනවටත් වැඩිය හිර වෙලා. අභී ක්‍රිකට් මැච් ඉවර වුනත් හැමදාම වගෙ ප්‍රැක්ටිස් දුවන්නෙ ඊටපස්සේ එන්න තියෙන බිග් මැච් එක නිසා.

" හ්ම්.. චනෙරු කොහොමත් ලබන සතියෙ නෑ ඌට හම්බන්තොට යන්න වෙනවා කිව්වා ගෙදර අය එක්ක..උබටයි මටයි තමයි ඔක්කෝම කරන්න වෙන්නෙ හෆ්..."

" අවුලක් නෑ ශේප් එකෙ ඇදන් යමු. යශ් මේ ටිකෙ ක්ලබ් එකෙ වැඩ ටික බලාගන්න නිසා මට ටිකක් ෆ්‍රී.."

යුග්ම අභී දෙන්නම ඉස්කොලෙ ඇතුලට යද්දි ග්‍රවුන්ඩ් එකනම් වෙනදට වඩා අද ටිකක් හිස් වෙලා තිබ්බා. ස්කොඩ් එක ප්‍රැක්ටිස් වෙන උන් විතරක් එලියෙ ඉද්දි අනිත් සෙක්ෂන් වල උගන්නනවා පෙනුනා. යුග්ම කෙලින්ම වේන්ජින් රූම් එක අස්සට රිංගලා ඇදන් හිටිය බොටම් එක ගලවලා ස්විමින් වලදි අදින ටික දාගෙන එලියට ආවේ මේ වෙද්දි පහල ග්‍රේඩ්ස් වල අය ප්‍රැක්ටිස් වෙන ගමන් ඉන්න අතරෙ. ගිනි අව්වෙ වුනත් වතුර ඇගේ තිබ්බ නිසා වැඩිය ඇගට රස්නෙ නොදැනෙද්දි යුග්ම පැයක් දෙකක් එක දිගට තරග තියෙන විදිය ගැන අනිත් අයට සුපුරුදු දැනුම්දීම් ටික දීලා ෆයිල් එකෙ නම් ටිකත් ෆිල් කරලා ඒ ටික චනෙරු ට දෙන්න කියලා එතන හිටිය කොල්ලෙක් අතේ යැව්වා.

ආරු...  ( BL )  COMPLETED ✓Where stories live. Discover now