3 කොටස

66 8 5
                                    

" අනේ බන් පලයන්කෝ දැන්වත් කාමරේට.."

" යන්නම් අනේ.. ටිකක් ඉන්න ඉතින්.."

" උබ නිසා මට මගේ බබාවවත් ලගට ගන්න නැ.."

රවීන් අයියා මූනත් දෙහි ලෙල්ල ව⁣ගේ කරන් මට රැව්වා.. යකෝ මන් අල්ලගෙන හිටිය එකක්ද උබේ බබාව.. මාත් සැලුනේ නැ මාත් රැව්වා ඒ යකාට.. ඒ අස්සේ මගේ එහා පැත්තේ ඉදන් රාහුල් අයියා හොදට හිනා වෙනවා..

රවීන් අයියයි රාහුල් අයියයි එක රූම් එකක නිදා ගන්නේ.. මායි තිදැස් අයියයි එකක. ඇත්තටම කිව්වොත් නුවර හොටෙල්ස් ගොඩක් බුක් කරලා තිබිලා තියෙන්නේ.. ඒකත් එක්ක අපිට වෙන වෙන රූම් ගන්න පුලුවන්කමක් තිබිලා නැ.. ඒ නිසා අකමැත්තෙන් උනත් රවීන් අයියට තිදැස් අයියව අතාරින්න වෙනවා අද රෑට විතරක්.. මොකද ඒ මිනිහා ඉතින් අපේ අම්මගේ හොද පුතානේ රාහුල් අයියා එක්ක මට ඒ නිසා නිදා ගන්න දෙන්නේ නැ උ එකකම නිදා ගන්න ඕනෙලු.. මලවිකාර ඒකගේ !!!

බබා නැතුව පාලුවෙන් හිටිය රවීන් අයියටත් බායි කියාගෙන රාහුල් අයිය⁣ටත් ටටා කියාගෙන මන් අනිත් රෑම් එකට ආවා. මන් එද්දිත් තිදැස් අයියා ඇදේ දපලා ඉන්නවා මොකාද එකා වගේ.. උගේ අඬු ටික එහාට කරලා මාත් පැත්තෙන් හාන්සි උනා..

" මේ අයියේ.. අපි දැන් කවද්ද යන්නේ.."

මන් ⁣මගේ අතක් උඩින් ඔලුවත් තියාගෙන තිදැස් අයියගේ පැත්ත හැරිලා ඇහුවා.. උ උඩ බලාගෙන ඉන්නවා.. රෙද්ද !!

" හෙට වැඩේට ගිහිල්ලා මාළිගාවටත් ගිහින් හෙටත් මෙහේ ඉදලා අනිද්දා උදේ යනවා හංස."

" ම්ම් ම්ම්.."

මාත් එහෙම්ම නිදා ගත්තා.. ඉස්සරනම් අපි ආවම ටික දවසක් ඉදලා යන්නේ ඒ කියන්නේ දවස් තුන හතරක් මෙහේ ඉදලා යන්නේ.. දැන් ඉන්නේ නැත්තේ සමහරවිට තිදැස් අයියලට exam තියෙයි මටත් class තියෙනවනේ ඒ නිසා වෙන්නැති.. කමක් නැ තව ටික දවසකින් ආයි මෙහේ එන්න වෙයි.. මේ කලායතනෙන් අපිට බේරුමක් නැ අපේ හැමුදුරුවනේ !!

ඉස්සර අපි cricket play කරද්දි මට මතකයි මන් තිදැස් අයියගේ විකට් එකක් එහෙම යැව්වම මේ යෝදයා මටත් ගස්සගෙන යනවා.. ඒ කාලේ ඉදන් අපි දෙක්නම එකම club එකේ ඉන්නේ.. cricket , dancing කියන්නේ අපේ ඇගේ කෑලි වගේ.. O/L කරන කාලේ උනත් classroom එකේ ඉන්නවට වඩා අපි හිටියේ dancing room එකේ.. කොහොමත් ඉතින් තිදැස් අයියටනම් ප්‍රශ්නයක් නැ අම්මා ඉන්නේ අපේ school එකේම නිසා. ඒ සමහරු හිතන විදිය.. උන් දන්නේ නැනේ තියෙන ලොකුම අව්ලත් ඒකම තමයි කියලා.. තිදැස් අයියා විතරක් නෙවෙයි අන්තිමට මාත් බැනුම් අහන්න එපැයි class එකක ඉන්නේ නැ කියලා..

වෙස් ( Ongoing )Where stories live. Discover now