11 කොටස

55 7 5
                                    

" බුද්දදාස මහත්තයා..."

" ඇන්තෝනියෝ..."

Airport එක දෙවනත් කරන් ඉන්න මිනිස්සු දෙබෑ කරන් අපි දෙන්නම දූවලා ඇවිල්ලා හින්දි ෆිල්ම් එකක වගේ දෙන්නවම බදාගෙන කැරකෙනන් ගිහින්.. ජයග්‍රාහී ලෙස බිම පත බෑවුනා..  මන් හිතන්නේ මේ වගේ දසුන් airport එකේ ඉන්න මිනිස්සුන්ට අතිශය සාමාන්‍යයි.. ඒ නිසාමද කොහෙද ගොඩ දෙනෙක්ගේ අවදානයනම් අපිට එච්චර ලැ⁣බුනේ නැ.. අපි දෙන්නට ලැබුනත් ඇති වැඩකුත් නැ.. අරහේ ඉබිනවා මෙහේ ඉබිනවා..

" හා හා දැන් නැගිටපන්.. ඉතිරිය පසුවට.."

ඉරෝන් මහ වල් හිනාවක් දාලා කිව්වම මන් උගේ පිටට එකක් දබොස් ගාලා දුන්නා.. අහ් කියන්න බැරි උනානේ.. මේ මිනිහට හොදට සිංහල පුුලුවන්.. ප්‍රධාන හේතුව... වෙන කව්ද මේ මන්ම තමයි.. උ එහේ ඉන්න මිනිස්සු එක්ක කතා කරන ඉංග්‍රීසි වලට වඩා මාත් එක්ක කතා කරන සිංහල ප්‍රතිෂතය වැඩි උනාම ඉතින් සිංහල පුලුවන් වෙන එක අහන්න දෙයක් නෙවෙයිනේ..

අපි දෙන්නම ඇවිල්ලා කාර් එකට ලැගේජ් ටිකත් දාලා ගිහින් වාඩි උනා.. ම්ම් ම්ම් අම්මා අද මූ එන නිසාම ගෙදර.. මාත් ගිය දවස් දෙකේම වැඩිය ඉස්කෝල් රැදුනේ නැ.. දැන් කොහොමත් items ගොඩක් practice වෙලා තිබ්බ නිසා ශානි මිසුත් මට මුකුත් කිව්වේ නැ.. තිදැස් අයියා එතනින් පස්සේ මට කතා කරන්න හැදුවෙත් නැ මන් try කරෙත්නැ.. අඩුම මන් ඒ මිනිහගේ මූනවත් බැලුවේ නැ..

" මේ බන්.. අහපන්කෝ.. මෙහේ සෑහෙන්න වෙනස් වෙලානේ.. උබ තාම මෙහේ ඉස්කෝලේ යනවා නේ පොඩි පගයා.."

ඉරෝන් නොන්ඩියට හිනා උනාම මන් උට රැවුවා.. උ වෙන රටකට ගිහින් කාලේ අඩුවෙන් දැනුමත් අ⁣ඩුවෙන් ඉගෙන ගත්තා කියලා මන් මොනා කරන්නද..

" හරි හරි සුදු නෝනා.. රවන්න එපා.. මට හෙට ඉස්කෝලෙ පැත්තේ එන්න බැරි වෙයිද.. මාත් ඕකේ ආදි ශිෂ්‍යයෙක් තමයි.."

ඉරෝන් මේ වාහනේ drive කර කර ඉන්⁣න මගේ මූන ඉස්සරහට එබිලා ඇහුවේ පොඩි එකෙක් වගේ.. මොන මගුලක්ද.. දැන් ඉතින් මේ කෝලන් බල බල ඉන්නත් එපැයි මන්..

" ම්ම් යන්.. හෙට හවසට වරෙන් එහෙනම්.. after school පුලවන්.. school time යන්න බැ බන්.. මටත් වැඩ ටිකක් වැඩියි හෙට.."

වෙස් ( Ongoing )Where stories live. Discover now