12 කොටස

31 5 0
                                    

" ටිකක් රෙස්ට් කරන්න.. එතකොට ඔය ගතිය ඇරිලා යයි.. අහ් වැදගත්ම දේ අව්වේ ඉන්න එපා ගොඩක් වෙලා.."

" හරි ඩොක්ටර්.."

මන් එහෙම කියලා පුටුවෙන් නැගිටිද්දි තිදැස් අයියා ඩොක්ටර් දීපු රිසිට් එකත් අරගෙන මාවත් එක්කන් එලියට ආවා.. අනේ ඩොක්ටර් කියන විදියට අව්වේ ඉන්නේ නැතුව කොහොමද cricket ගහන්නේ.. එයා නිකන් මට practice room එකක් හදලා දෙනවා වගේනේ කතාව..

" මොකෝ උබ.."

" නැ අනේ.. අරයා කිව්වට මන් අව්⁣වේ ඉන්න එපැයි.."

" අපි ඒක බලමුකෝ.. දවස් දෙකක් උබ අනිවාරෙන් රෙස්ට් කරන්න. ඒ දවස් දෙකේ අව්වේ ඉන්න ඕනේ නැ.. ඒකේ dancing practice ආවම ඇති.."

ෆාමසි එකට රිසිට් එක දෙන ගමන්ම තිදැස් අයියා කිව්වේ මන් දිහා බලලා රවන ගමන්මයි.. ඉරෝන් මාත් එක්ක එන්න හැදුවම උව කාර් එක අස්සට දාලා තිදැස් අයියා මාවත් ඇදගෙන ආවනේ ඩොක්ටර් ලගට.. මේක මාර කෙලියක්නේ අෆ්ෆා.. මුන්ට හිටපු ගමන් අපිව අමතක වෙන්නයි තව වෙලාවකට අපි තරන් කව්රුත් නැ වගේ හැසිරෙන්නයි.. අන්තිමට ඕවා හිතල මගේ හිත ⁣රිදෙන්නයි.. මට මාත් එක්කම ඇති උනු කේන්තිය නිසා මන් හයියෙන් හුස්මක් පිට කරලා අහක බලා ගත්තා..

" හරි හරි.. එහෙනම් හවසට ඉන්න.. අව්ව බහිනකන් උබ පැවිලියන් එකෙන් ඉන්න ඕනේ හැබැයි.."

මන් හා කියන්න ඔලුව වැනුවා.. මන් හයියෙන් හුස්මක් පිට කරේ ඒකට තරහේ නෙවෙයි මිනිහෝ.. මගෙත් එක්කම තරහට.. මේ ගෝතයා හිතන්න ඇති ඉතින් ඒකට කියලා.. කමක් නැ ඒකත් හොදයි.. practice නැතුව කිසි දෙයක් කරන්න බැ.. අනිත් දේ තමයි මැච් එකක් පැරදෙනවට වඩා ලේසියි එහෙම්ම ගිහින් නිල්වලා ගගට පනින එක..

ඔය කොච්චර කිව්වත් ජය පරාජය දෙකම බාර ගන්න ඕනේ කියලා එහෙම එකක් ඉස්කෝලේ නැ.. අපි මැච් එකක් පැරදුනාම ඉස්කෝලෙන් දෙන pressure එක කියන්න තේරෙන්නේ නැති තරන්.. මොකද අපේ ඉස්කෝලේ ආගමක් වගේ අදහනවා cricket කියන එක.. ඉතින් ඒ ආගමේ ඉන්න ⁣උසස්ම අය වගේනේ අපි.. ඒ කියන්නේ cricket team members ලා.. ඒකෙනුත් කැප්ටන් , වයිස් කැප්ටන් කියන්නේ තවත් රිස්ක් එකක්..

මැච් එකෙන් පැරදිලා ආවට පස්සේ.. වෙන කිසිම මැච් එකක් අපි දිනලා නැ වගේ නෝන්ඩි කරද්දි , යන යන තැන හින්ට් පාස් කරද්දි, ⁣ගොඩ කාලෙකට ආයි cricket වලට පිලි ගැනීමක් නැති වෙද්දි හරි ආමරුයි දරා ගන්න.. එක පාරක් අපිට එහෙම උනා.. දෙයියනේ ඒ පාර විතරයි.. ආයිනම් නැ.. අපි ඒ නිසාම දැන් මහන්සි වෙන්නේ ඒ අපහස වලින් බේරෙන්න ඕනේ නිසා.. ඉතින් ඒකේ ප්‍රතිඵල විදයට අපි යන යන මැච් එකෙක් වින් කරනවා..

වෙස් ( Ongoing )Where stories live. Discover now