5 කොටස

56 6 1
                                    

" අම්මා තිදැස් අයියා එනවා කිව්වා අද.."

" පුතා මන් බෝධියට යන්න හදන්නේ.."

මන් නගින්න ගියපු පඩිපෙලෙන් ආයි යූ ටර්න් එකක් ගහලා කුස්සියට ආවා. දැන් ඉතින් අර පිස්සු හෝන්තුව මෙතන මැරෙන්න හදාවි..

" එහෙනම් මන් එන්න එපා කියන්නම් නේද.."

" එපා එපා ඒ මොකටද.. ඒ ලමයා නොදන්න දරුවෙක් නෙවෙයිනේ.."

අම්මා කිව්වට ඉතින් ඒ යකා හැසිරෙන්න නොදන්න එකෙක් ගානටනේ. මන් මොනාත් නොකියා අම්මගේ කම්බුලට හාද්දකුත් දීලා ආයි දුවගෙනම කාමරේට ආවා..

ඉස්කෝලේ ගිහින් ආපු ගමන් එහෙම්ම සෝෆා එක උඩට වැටිලා නිදා ගත්තා මිසක් මන් තාම wash කරලවත් හිටියේ නැ.. මොනා උනත් මනුස්සයෙක් එද්දි හඩ්ඩා වගේ ඉන්න බෑනේ.. ඒක හරි නෑනේ ඉතින්..

මන් ඉක්මනට නාගෙන පල්ලෙහාට ගියා.. මන් යද්දිත් අම්මා ⁣බෝධි යන්න ලෑස්ති වෙලා. මාතර බෝධිය කියන්නේ ඉතින් වෙනස්ම තැනක්.. ඒක පන්සලක් නෙවෙයි මහ අමුතු තැනක්.. මාත් හිටපු ගමන් රෑට ගිහිල්ලා අහස දිහා බලාගෙන ඉන්නවා. ඔතන ඉන්නවා පිරිත් නූල් බෙදන අන්කල් කෙනෙක්.. එයා එහෙම ඇවිල්ලා හිටපු ගමන් අහනවා ' පුතා මොනාද කල්පනා කරන්නේ ' කියලා.. ඒ ඇරෙන්න මාරම නිස්කලන්ක තැනක් ඒක..

අම්මා ඕනෙ කරන ඔක්කොම ටික බෑග් එකකට දාගෙන එයාගේ පිරිත් පොතත් බෑග් එක අස්සට ඔබාගෙන කොන්ඩෙත් අතින් හදාගෙන මන් දිහාට හැරුනා..

" දැන් නම් තිදැස් පුතා එනවත් ඇති. ඒ ලමයට කන්න මොනා හරි දෙන්න."

" හා අම්මේ. අම්මා පරිස්සමෙන් යන්න හොදේ.. ආදරෙයි.."

මන් අම්මට හාද්දක් දීලා මෙහාට උනා..
අම්මත් මගේ ඔලුව අතගාලා හිනා උනා.. අම්මනම් මට සාමාන්‍යයෙන් ආදරෙයි කියන්නේ නැ එයාට ලැජ්ජ ඇති. ඒත් මන්නම් කියනවා.. මන් හැමතිස්සෙම ආසයි පසුතැවීමක් නැතුව ජීවත් වෙන්න. පොඩිම දේකින්වත් පසුතැවීමක් ඉතුරු නොවෙන්න ජීවත් වෙන්න.

මට හැමතිස්සෙම හිතෙනවා මන් මැරුනොත් කමක් නැ.. ඒත් අම්මට හරි තාත්තට හරි මොනා හරි උනොත් මට එදාට හිතේවි ' අනේ මන් එයාලට ආදරෙයි කියලවත් කිව්වේ නැනේ..' ඔන්න ඕක මට හිතෙන්නේ නැති වෙන්⁣න තමයි මන් එයාලට හැමතිස්සෙම ආදරෙයි කියන්නේ..

වෙස් ( Ongoing )Where stories live. Discover now