" දැන් සර් කියන්නේ e-mail එක එනකන් සර් ෂුවර් කරෙත් නැ කියලද ?."
" ඔව් ඔව් හංස.. එදා මගෙන් දෙන්නෙක්ගේ නම් ඉල්ලුවා. මොකටද කියලා කිව්වේ නැ.. හොයන්න මට වෙලාව තිබ්බෙත් නැ ඔයාලගේ අයිටම් එක ඉවර උනු ගමන්ම වගේ.. මට වැඩ ගොඩක් තිබ්බනේ හංස. ඕනෙම දේකට රෙඩි දෙන්නා ඔය දෙන්නා නිසා මන් දුන්නා ඔය දෙන්නගේ නම් දෙක.. ඔච්චර ලොකු දෙයක් කියලා හිතුවේ නැ කොල්ලෝ මොකක් හරි බැට්ල් එකක් වෙන්නැති කියලයි හිතුවේ.."
" හරි හරි.. ඒත් සර්.. එතකොට තිදැස් අයියට යන්න වෙන්නේ නැද්ද.."
" නැ.. ඇත්තටම එයාට දැන් යන්න කාලයක් නැ හංස. ඔයාට එහේ ගිහින් ස්ටඩීස් ටික කර ගන්න පුලුවන්.. තිදැස්ට කාලයක් නැ. තේරෙනවනේ ඔයාට.."
මන් ඔලුව වැනුවා..
" ඒ වෙනුවට වෙන කෙනෙක්ට යන්නත් බැරිද ස'."
" බැහැල්ලු පුතේ.. නැත්තන් වෙන කෙනෙක්හරි ඔයාගේ තනියට යවන්න තිබ්බා.. මාස දෙකනේ ගිහින් එන්න.."
" හරි සර්.."
" තිදැස් ටිකක් එලියට යනවා කියලා ගියා.. දැන් එනවා ඇති.. එයා එනකන් ඉන්නවනම් ඉදලා යන්න පුතා. බොන්න මොනා හරි හදන්න කියන්නම් මන්. අව්ලක් ගන්න එපා ඕනේ තැනක ඉන්න.. මෙහේ කොහොමත් ඔයාට පුරුදුයිනේ.."
මන් හිනා වෙලා ඔලුව වනලා එලියට ආවා.. අනේ මන්දා හිතේ කොතනකටහරි අමුතුයි.. හරිනම් මන් සතුටු වෙන්න ඕනේ උනත් හිස්තැන් ගොඩක් තියෙයි කියලා මට තේරෙනවා.. අම්මා තනියෙන් නිසාද.. නැ මන් නැත්තන් තාත්තා අනිවාරෙන් එනවා ගෙදර.. එහෙනම් මොකක්ද මේ.. රට ගිහින්ම තමයි බලන්න වෙන්නේ හංස..
මන් එලියට ඇවිල්ලා තිදැස් අයියලයි ගෙදර ගාර්ඩ්න් එකේ තිබ්බ බෙන්ච් එකකින් වාඩි උනා.. මේවා ඉතින් නුපුරුදු තැන් නෙවෙයි නිසා මට ලොකු අව්ලක් තිබ්බේ නැ.. තිදැස් අයියා උදේ හිටපු විදියත් එක්ක මට හිතුනා එයාවත් හම්බෙලා යන්න.. මොනා උනත් අඩන්න තරම්ම දෙයක් තියෙනවා කියන්නේ ඒක ලොකු දෙයක් වෙන්න ඕනේනේ.. විශේෂයෙන් වැරදිලාවත් අඩන්නේ නැති කෙනෙක් අඩද්දි.. ඒත් එක්කම මතක් උනේ උදේ දැක්කට පස්සේ මන් ආයි පොරව දැක්කෙත් නැ කියලා..