13 කොටස

37 6 0
                                    

දවස් හරි වේගෙන් ගෙවිලා ගිහින් කියලා ⁣තේරුනේ ⁣පුහුනුවීම් ගොඩක අවසානය සනිටුහන් කරමින් අපේ නැටුම් තරගාවලිය පටන් ගන්න දවස උදා උනාට පස්සේ.. සූර්යයා ලා හිරු එලියත් රැගෙන මේ පුන්‍ය බූමියට වඩින වෙලාවේ අපි.. වෙස් කිට් එකේ කෑලි ටික අමුන ගන්න බැරුව දගලනවා..

* ඉනට අත් දෙක තියන් ඉන්න ස්ටිකර් එක *

මන් හිටියේ නැටුම් කාමරේම තිබ්බ චේන්ජින් රූම් එකේ.. වෙස් කිට් එක ඇන්දම එන ගැම්ම නෝමල් ළමයෙකුට ජීවිතේට ගන්න බැ කියලයි මට මේක අදින හැමපාරම හිතෙන්නේ.. තව cricket team jersey එක.. කරාටේ කිට් එක.. ඒත් ඇත්තටම වෙන්නේ අපි ආස කරන දෙයක් වෙනුවෙන් අපිට තියෙන ගෞරවය ඒකට අදාල ඇදුම ඇන්දම තවත් වැඩි වෙලා ඒක ආඩම්බරයක් බවට පරිවර්තනය වෙන එක.. මන් ඒක අංශ තුනකින් විදිමින් හිටියා..

මන් පුරුද්දක් විදියට කලින්ම අවුල්හැරය අදින්න පුරුදු වෙලා හිටියා.. හොදම වඩේ කියන්නේ චේන්ජින් රූම් එක අස්සේ බල්ලෙක්වත් නැ මේක ගැට ගස්සව ගන්න.. මේ වෙලාවේ මේකට කව්රමහරි එන්න ඕනේ නිසා මන් දාගන්න ඕනේ අනිත් ටික දාගන්නවා කියලා උල්උඩය ඇද ගත්තා.. ඒත් එක්කම වගේ දොරත් දඩාස් ගාලා ඇරගෙන ඇතුලට කඩාගෙන බිදගෙන ආවේ තිදැස් අයියා...

එයාලා චේන්ජ් කර ගත්තේ ප්‍රිෆෙක්ට් රූම් එකේ ඉදන්.. බලන්න එපැයි දෙයියනේ සුදුමහත්තය⁣ගේ ලස්සන.. වෙස් කිට් එක ඇදලා ලයිට් මේකප් එකක් දැම්මම එන ගාම්බීරත්වත් එක්ක කැටි උනු ලාලිත්‍යත් එක්ක තිදැස් අයියා බලන්න බැරි තරම්ම කඩවසම් වෙනවා.. ඕනෙම කෙනෙක් පිස්සු වැටෙන තරන් ලස්සනක් ඒක.. තත්පර ගානක් මන් ඒ රූපේ විදින්න ඇති. එකින් එක හැමදේම බලපු මම අන්තිමට හැරුනේ ඒ කෝපි පාට ඇස් වලට..

අන්න ඒ වෙලාවේ තමයි මට පත්තු උනේ මන් මෙච්චර වෙලා එයාව ස්කෑන් කරා නේද කියලා.. ඒකටද කොහෙද තිදැස් අයියා කට කොනෙන් හිනා වෙලා මගේ ලගට ඇවිත් මේසේ උඩ හායිගාලා ඔහේ දාලා තිබ්බ කෑලි බෑලි අතරෙන් පොත්පොට අතට ගත්තේ..

" මොකක්ද කරන්නේ. "

" උබට මේවා තනියෙන් ඇදගන්න බෑනේ.. ඉස්සරහා හැරිලා ඉදපන්.."

වෙස් ( Ongoing )Where stories live. Discover now