.............
එ.ඒරා... ඇයි ගන්න එපා ද.. එහෙනම් ඔහොම අත විතරක් හොලවලා වැඩක් නෑ අරස්සෝ.. ඉක්මනට නැගිටින්න.. ඇස් දෙකවත් අරින්න තේරුණා ද.. නැත්තම් මං වෙන කෙල්ලෙක් ව ගන්නවා.. කොහොමත් මං හැන්ඩ්සම් නිසා කෙල්ලො පිස්සු වැටෙනව නේ.. ජින් කියනවත් එක්ක ම ඒරාගෙ තොල් වල ලාවට හිනාවක් ඇදුනා..ඔයාට හිනා ද අහ්.. හිනා නෙවෙයි නැගිටිනවකො.. මං බලා ගන්න.. මෙච්චර කල් අපි ව බය කරාට.. ජින් කියනවත් එක්ක ම ජින් අල්ලගෙන ඉදපු ඒරාගෙ අත ඇද උඩට කඩන් වැටුණා..
එ..ඒරා...න් ජින් ඒරා දිහා බලන් කියලා ECG එක දිහා බලන ගමන් එක පාරට ම ඉදන් ඉදපු තැනින් නැගිට්ටා..
ජ්...ජුනා... ජුනා ඉක්මනට වරෙන්.. ජින් කෑ ගහනවත් එක්ක ම නම්ජුන් කාමරේට ආවා..
ඇයි..එ..ඒරා.. නම්ජුන් ඉක්මනට ඒරා ළගට දුවගෙන ගිහින් ECG එක දිහා බලන ගමන් කලබලෙන්..
ඒරා .. චේබල් .. ඒරා නැගිටින්න.. කියන ගමන් ඩීෆයිබ්රිලේටර් එක අරන් ඒරාගෙ පපුව උඩින් තිබ්බා..
ජ්..ජින් ජූල් පහක් වැඩි කරන්න... නම්ජුන් කලබලෙන් කියද්දි ජින් නම්ජුන් කියන විදිහට ජූල් ප්රමාණය වැඩි කරා..
දිගට ම හාර්ට්බීට් එක තනි ඉරක් විදිහට පෙන්නුවත් නම්ජුන් නතර නොකර දිගට ම කරද්දි නම්ජුන් ළගට ගිය ජින්..
ජුනා ඕක නතර කරහන්..
නෑ.. ඒරා ඔයාට යන්න බෑ.. නැගිටින්න.. ඒරා චේබල්... නම්ජුන් කිව්වෙ අඩන ගමන්..
ජින් නම්ජුන් ව බදා ගන්නවත් එක්ක ම නම්ජුන් ජින් ව තල්ලු කරන ගමන් ඒරාගෙ ඔක්සිජන් මාස්ක් එක අයින් අරලා ඒරාට කෘත්රිම ශ්වසනය දෙන ගමන් පපුව තෙරපන්න පටන් ගත්තා..
ජ්..ජුනා.. ජින් කිව්වෙ නම්ජුන් දිහ දුකෙන් බලන ගමන්..
ඒ...ඒරා චේබල්...චේබල්.. නැගිටින්න.. මාව දාලා යන්න එපා.. චේබල්... නම්ජුන් අන්තිම පාරට තොල් වලට ලං වෙලා හුස්ම දෙන ගමන් කියනවත් එක්ක ම ආයෙ ම ඒරා හුස්ම ගන්න පටන් ගත්තා..
එ..ඒරා... ජින් කියද්දි නම්ජුන් ඒරා දිහා බලන ගමන්..
ඒ..ඒරා .. කුමාවො.. කුමාවෝ මැනික.. නම්ජුන් අඩන ගමන් ඒරාව බදාගෙන කිව්වා..
YOU ARE READING
Shhh... ( Complete )
FanfictionDon't trust too much.... Don't love too much.... Don't hope too much.... Because that "too much" can hurt you so much... ❤️ Shhh...🤫