Chapter 04

971 213 70
                                    

චිත්‍රයක්..!

ඒක පුදුම වෙන්න ඕනි දෙයක් නොවුණත් මගේ ඇස් ඒ චිත්‍රය ළග නතර වුණ ගමන් ම ගැස්සුණා..

ඒත් ඇයි..

"යුබින් මචං අර චිත්‍ර......"

"සර් සර්ලගේ ඕඩර් එක මෙන්න.."

මං යුබින්ගෙන් චිත්‍රය ගැන අහන්න යනකොටම විනාඩි 10ක් දෙන්න කියලා ගිය වේටර් කොල්ලා ඇවිත් ඕඩර් එක දුන්නා..

"මේ මොනවද මේ..අපි කේක් ඉල්ලුවේ නැනේ.."

බ්ලැක් කොෆී දෙකත් එක්ක කොෆී කප් කේක් දෙකක් ට්‍රේ එකේ තියෙනකොට මං ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවේ යුබින් ඒවා ඕඩර් කරේ නැති හින්දා..මොනවා වුණත් මේ තමයි මං ආසම කෑම..කොෆී කප් කේක් එක්ක බ්ලැක් කොෆී කියන්නෙම ආගමක්..

"සර් ඒක අපේ ෂොප් එකේ කරන පොඩි ප්‍රමෝටින් එකක්..මේ විදිහට ඔයාලා ඕඩර් කරන කොෆී වර්ගයට ගැලපෙන්න පුංචි කප් කේක් එකක් අපි හැමෝටම දෙනවා.."

වේටර් කොල්ලා එයාගේ ගැඹුරු කටහඩින් කියනකොට යුබින් ඔලුව හොල්ලා හොල්ලා අහන් හිටියා වුණත් මම නම් බලන් හිටියේ ඒ ඇස් දිහා..

ඇත්තටම ඒ ඇස්...

"එතකොට මොකක්ද මේ උඩ ලියලා තියෙන්නේ.."

යුබින් ආයෙත් අහනකොට මෙච්චර වෙලා ඒ ඇස් දිහා බලාගෙන හිටපු මම හෙමීට කප් කේක් එක දිහාට ඇස් ගෙනිච්චා..

කප් කේක් එක උඩ පුංචියට මොනවද ලියලා...

මම ඉක්මනට වේටර් කොල්ලගේ මූණ දිහා බැලුවේ මේ මොකක්ද කියලා දැනගන්න මටත් ලොකු වුවමනාවක් ආව හින්දා..

"ආහ් සර් ඒක මේ..මේ...ඒක..."

"සර් ඒ තියෙන්නේ අපේ මේ කප් කේක් එක හදපු කෙනාගේ සයින් එක..ඒ වගේම සර් මෙන්න මෙතන මේ පිරිසියෙත් ඒ සයින් එක චුටියට අපි අයිසින් වලින් දානවා.."

වේටර් කොල්ලා තටම තටම ඉන්නකොට එතනට ආව ෂොප් එකේ වැඩ කරන කෙල්ලෙක් හිනාවෙලා එහෙම කියලා වේටර් කොල්ලටත් තට්ටුවක් දාගෙන ඕඩර් එකක් ගන්න ගියා..

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now