Chapter 18

634 167 29
                                    

Flashback

මම ඒ තරු ඇස් වල අයිතිකාරයව මුලින්ම දැක්කේ පාරෙදි..බෑග් එකකුත් එල්ලගෙන මිනිස්සුන්ගේ ඇගෙත් හැප්පි හැප්පි වේගෙන් දුවගෙන ගිහින් බස් එකට නැගගත්තේ බස් එක යන්න ඔන්න මෙන්න තියලා..බස් එක ළගම හිටපු මමත් දෙපාරක් නොහිතා ඒ බස් එකටම නැගලා එයා ළගින් හිටගත්තේ වටපිට බල බල ඉදලා ඉස්සරහා බලපු එයා මාව දැකලා ගැස්සෙද්දි..

තව පොඩ්ඩෙන් වැටෙනවා..එතන ඉදන් මෙයාගේ කෝලම් ගොඩයි..හොරෙන් බලනවා..උඩ ඉදන් යටට බලනවා..යට ඉදන් උඩට බලනවා..චුට්ටක් නැමිලත් මං දිහා බලනවා මම හොදටම දැක්කත් මම සද්ද නැතුවම හිටියේ ටික වෙලාවක් ගිහින් එයාම හොරෙන් බලන එක නවත්තද්දි..අන්තිමට එයා බහින තැන ළං වෙනකොට බස් එකේ ඉස්සරහට ගියේ මං දිහත් යන්තම් බලලා..

ගෙදරින් ආව වෙලාව කොහෙද යන්නේ මොකේද යන්නේ කීයටද යන්නේ මේ හැමදේම දැනගෙන හිටපු මම එයා බහින තැනින්ම බැහැලා එයාට පේන්නේ නැති වෙන්න එයා එක්කම එයාගේ කොලේජ් එක ඇතුලට කිසිම බයක් නැතුව ගියේ කාලෙකට කලින් මේක මමත් ඉගෙනගත්ත කොලේජ් එක හින්දා..

ඩීන්වත් හම්බෙලා ක්ලාස් පැත්තටත් චුට්ටක් ගිහින් එන්නම් කියලා මම ඇවිදගෙන ආවේ එයාගේ ලෙක්චර් හෝල් එක ළගට..අන්තිම පෝලිමට කලින් පෝලිමේ ඉදන් ඈනුම් අරින එයාව දැක්ක තත්ත්පරේම මම අදුරගන්නකොට සර් බෝඩ් එක පැත්තට හැරෙනකන් ඉදලා ටක්ගාලා හෝල් එක ඇතුලට ගිහින් අන්තිම පෝලිමේ එයාට පිටිපස්සෙන් ඉදගත්තේ එයාට නොදැනෙන්න..

"ලෙක්චර්ස් ආවේ නිදාගන්නද.."

තවත් ඈනුම් දෙක තුනක් යවලා යාලුවට මොනවදෝ කියලා එයා යන්තම් පුටුවට ඔලුව තියාගෙන ඇස් දෙක පියාගත්තම ආපහු සර් අනිත් පැත්ත හැරෙනකන් ඉදලා එයාට කනට කරලා ඒක කියලා එයා ඇස් අරින්න කලින් ළගම තිබ්බ දොරෙන් එලියට පැනගත්තේ හිනාවෙවී..මට යන්තම් ඇහුණා එයා සද්දෙන් මොකක් හරි දෙයක් කියනවා..මං හිතන්නේ අද එයාට ක්ලාස් එකෙන් එලියේ ඉන්න වෙයි..මොකද එයාලගේ සර් ගැන ඉතින් මම හොදට දන්නවා..මමත් එයාගේ ක්ලාස් එකේ හිටියනේ..

ක්ලාස් එකෙන් එලියට දායි කියලා නිකන් හිතුවට මං ඇත්තටම හිතුවේ නැ එයාව එළියට දායි කියලා..මගේ මෝඩ විහිලුව හින්දා එයා අද ක්ලාස් එකෙන් එලියේ කියලා මතක් වුනාම මට මං ගැනම ඇතිවුනේ තරහක්..එයාගේ පස්සෙන් හොරෙන් ගියපු මම දැක්කේ කොලේජ් එකේ පිටිපස්සේ තාප්පෙන් පනින් හදන එයාව වෙනකොට මටත් නොදැනීම මගේ මුනේ හිනාවක් ඇදුනේ ඒ කාලේ මාත් පැන්නේ ඔතනින්ම නේද කියලා මතක් වෙලා..

කොහොමහරි අද ආවේම එයාව බලාගන්න වෙනකොට මම එයා යන තැන්වලට ගියේ එයාට නොදැනෙන්න..යාලුවත් එක්ක කයිය ගහ ගහ ගියපු එයාලා ඊලගට ගියේ මෙහෙ අලුතින් දාපු කොෆි ෂොප් එකකට වෙනකොට ෂොප් එකේ නම දැකපු මම හොදටම ශොක් වුණා..

Dream coffee shop

යාලුවා ඇතුලට යද්දි මේ පුංචි හොල්මන තාම එලියේ ඉදන් වටපිට බලන් ගත්තේ මමත් එයා දිහාම බලන් ඉද්දි..දොර ළග ඉදගෙන ෂොප් එක දිහා බලනවා..දොර ඇරලා පුදුම වෙලා වගේ ඇතුලට එබෙනවා..කෝලම් ගොඩක් කරලා එයා ඇතුලට ගියාට පස්සේ මමත් හෙමීට ඇතුලට ආවා..ඇත්තටම මෙතන හරිම ලස්සන තැනක්..හිතට ලොකු සැනසීමක් දැනෙන විදිහේ තැනක්..

එක විදිහකට ඉන්නේ නැතුව එයා යාලුවා එක්ක කෝලම් කර කර ඉන්නකොට එයාලගේ ඕඩර් එක ගෙනාවා වගේම ගෙනත් තිබ්බ කොෆී එකයි කේක් එකයි දිහා බල බල ඒක ගෙනත් දුන්න කෙනා දිහත් බලන එයා දිහා මං බලන් හිටියේ හරි ආසාවෙන්..ඇත්තටම එයා ඒන්ජල් කෙනෙක් තරම්ම ලස්සනයි..

මගේ පුංචි ඒන්ජල්..ඔයා මගේ විතරයි බබෝ..මගෙම විතරයි..


To be Continued...

🎂 ඊයේ දෙන්න බැරි වුණානේ..තව එකක් අද දෙන්න බලන්නම්..

🎂 කතාව කියවන හැමෝටම ගොඩක් ස්තුතියි ❤️

Axian

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now