මේ අර චිත්රය..මං මට මතක විදිහට ඒක ඇන්දා..හරිම විදිහට නැතිවුණත් දැක්ක එක විනාඩියට හිතේ ඇදුනු චිත්රය මේ විදිහ තමා..
"මට මතක් කරන්න මේ ගැන හොයන්න මේකවත් තියෙන එක ලොකු දෙයක්.."
මුල ඉදන් අගට අග ඉදන් මුලට ඇදපු හැම පැන්සල් ඉරක් දිගේම ඇගිල්ල යවන ගමන් මං කල්පනා කරේ අනිත් අතින් කොලේ අග යන්තමින් අල්ලගෙන වෙනකොට එකපාරට ම ආව සැර හුළගකට ඇගිලි දෙකෙන් අල්ලගෙන හිටපු කොන අතැරිලා කොලේ හුළගට ගහගෙන යද්දි..
"අනේ..අනේ මගේ චිත්රය..අනේ ඒක..අනේ..."
මම කලින් පාර වැටිලා සීරුණු තැන්වලින් දැනෙන වේදනාවත් අමතක කරලා දනිපනි ගාලා නැගිටලා කොලේ පස්සෙන් දුවන්න පටන් ගත්තේ ජිවිතේ නැති වුණත් මට මේ කොලේ කොහොමහරි ඕනි හින්දා..
තුනී කඩදාසියක ඇන්ද හින්දම පොඩි හුළගකටත් ඈතට යන කොලේ අල්ලගන්න මං වැල්ලේ සෑහෙන දුරක් ගියා වගේම ඒ වෙලාවේ තිබ්බේ ළා හුළගක් හින්දමද කොහෙද දුවලා ගිහින් උඩ පැනලා කොලේ අල්ලගන්න මට පුළුවන් වුණා..
"හම්මේ..ඇති යන්තම්.."
මම චිත්රය ඇදලා තිබ්බ කොලේ පපුවට තද කරගෙනම හති ඇරියේ හුස්ම ගන්නත් අමාරු වෙද්දි වෙනකොට වැලමිට ලග ඉදන්ම සීරුනු පාරවල් වල වේදනාව දැනෙද්දි මං ගෙදර යන්න ඕනි කියලා හිතුවත් එකපාරට ම ඇහුණු සද්දයක් හින්දා මට මාවත් අමතක වුණා..
"බව්..බව්..බ්බව්.."
"බ..බ..ල්..ලෙ..ක්.."
පිටිපස්සේ හැරෙන්නේ නැතුවම ළග ලග ඇහෙන සද්දෙට කන් දීපු මට තේරුනේ මම කොලේ පස්සෙන් දුවගෙන එද්දි මගේ පස්සෙන් බල්ලෙක පන්නගෙන ඇවිත් කියන එක වෙනකොට යන්තම් ඔලුව විතරක් හරවලා බලපු මට දත් විලිස්සගෙන ඉන්න බලු තඩියෙක්ගේ මූණ පේනකොට බල්ලෙක් පන්නගෙන එනකොට මේ ලොකේ කිසිම මෝඩයෙත් නොකරන වැඩක් මම කරා..
YOU ARE READING
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️
Fanfictionඇස්... ඔව් ඔය ඇස් මට මාවම අමතක කරවපු මට මාවම මග ඇරවපු මාව මා තුලම යදම්ලූ.. ඔය ඇස් දැන් මේ හිනාවෙන්නේ.. මගේ හද ගැස්ම රැදිලා තියෙන්නේ ඔය ඇස් අස්සේම බව දැනගෙන නේද.. සත්තකින්ම ඔව් මේ පපුවේ ගැස්ම ඔය ඇස් ම විතරක් නිසාම.. මම රකිනවා මගේ ඇස් තරමට ම ඔය ඇස්...