Chapter 10

719 177 27
                                    

Few days later at beach

අද අනිත් හැමෝටම ලස්සන දවසක්..මගේ හිතටත් සැනසීමක් තිබුණනම් අද දවස මටත් ලස්සන වෙන්න තිබුණා..

සීතල හුලගට මගේ දුඹුරු පාට සිනිදු ස්ට්‍රේට් කොණ්ඩේ ඔහේ තාලේට පැද්දෙද්දී මගේ ඇස් වැහෙන්න කෙස් රොදවල් වැටුනේ කීවෙනී පාරටදෝ කියලා නොදැනම මම කන පිටිපස්සෙන් රදව ගෙන නිලට දිලිසෙන අහස වගේම නීල සුදටකට පෙණ විසිරෙන මහ සයුර දිහා බලන් හිටියා......හිත එකතැනක මම තව තැනක..මටම මම ගැන හිතා ගන්න බැ..ඒත් මම ඔහේ ඈත පේන දේවල් දිහා බලාගෙන හිටියා..මොකද මම මෙතෙනට ආවේ මම ගැන හිතන්න නෙවේ..

ටැක්සි එකකට මාව නග්ගලා එයා එතනින් ගියා ගියාමයි අඩුම තරමේ එයාගේ හුළගක්වත් හොයාගන්න බැරිවෙන විදිහට එයා අතුරුදන් වෙලා තිබුනේ මගේ හිත පාරලා..දෙසැරයක් දැක්ක කෙනෙක් නැතුව මෙච්චර ම ලොකු පාළුවක් දැනෙන්න පුළුවන් ද..

ඊටත් වඩා මට තිබ්බ ප්‍රශ්නේ වුනේ හැමදාම වගේ මගේ පස්සෙන් එන කෙනෙක්ව..කවුද කියලා පේන්න නැති වුණත් මට ගොඩක් වෙලාවට දැනිලා තියෙනවා කවුරුහරි කෙනෙක් මං දිහා බලන් ඉන්නවා වගේ..නැත්තම් මගේ පස්සෙන් එනවා වගේ..මට තේරෙන්නැ මේ මොනවද වෙන්නේ කියලා..වෙලාවකට බයත් හිතෙනවා..මං නොදැන මගේ වටේ මේ සිද්ද වෙන දේවල් මොනවද කියලා හොයාගන්න කවදා පුළුවන් වෙයිද..හ්ම්..

අර චිත්‍රය හොයාගෙන කොෆි ෂොප් එකට යන ගමන නම් මං අද වෙනකන්ම නැවැත්තුවේ නැ..මොකද මට විශ්වාසයක් තිබුණා..ඒ කොෆි ෂොප් එකේ මං හිතන තැන ඒ චිත්‍රය තිබුණා කියලා..ඒකේ වැඩ කරන අයත් වෙලාවකට හරි අමුතුයි..මාත් එක්ක කතා කරන්නේ නිකන් බයෙන් බයෙන් වගේ..හැමවෙලේම කන අත ගගා..මට තේරෙන්නැ..මං හයියෙන් කතා කරන්නෙත් නැනේ එයාලා එක්ක..එක්කෝ උන්ට පිස්සු..නැත්තම් මට පිස්සු..ඔය දෙකෙන් කෝක කොහොම වුණත් මට හැමදාම ලැබෙන කොෆී එකෙයි කප් කේක් එකෙයි නම් කිසිම වෙනසක් වුනේ නැ..මේක එයා හදපු එකක් කියලා එදා කිව්ව වේටර් කොල්ලම හැමදාම ඕඩර් එක ගෙනත් දීලා මම ඒක ඉවර කරනකන්ම මගේ දිහා කොහෙටහරි වෙලා බලන් ඉදලා කාලා බීලා ඉවර වුණ සැනින් මේසේ අස්කරගෙන යන්නේ හරියට මං කාපු බීපු ඒවගේ ඉතුරු ටික කාටහරි දෙන්න වගේ..අනේ මංදා..මටත් හිතෙන මනස්ගාත..

ඒත් පුදුමෙකට වගේ අද උදේ ම ෂොප් එකට ගිය මට හම්බුනේ වෙන කෙනෙක් හදපු කොෆී එකක් වගේම කේක් කෑල්ලක් කියලා කන්න කලින්ම මට තේරුනේ හැමදාම ගේන් වේටර් කොල්ලා වෙනුවට වෙන කෙනෙක් ඕඩර් එක ගෙනත් දෙනකොට වගේම කේක් එකේ සයින් එක වෙනස් වෙලා තියෙනකොට..ඒ හැමදේටමත් වඩා සුපුරුදු රසය නැති කෝපි එක බොන්නවත් පිරියක් නැති හින්දම කේක් කෑල්ල දිහා බලන්නේවත් නැතුව බිල ගෙවලා මෙතනට ආවේ චිත්‍රය ගැන හෝඩුවාවක් නැතත් වෙනදට එතනින් හිත පුරවගෙන නැගිටලා එන මට අද මහ එපා කරපු හැගීමක් දැණුන හින්දයි..

"සමහර විට හැමදාම බොන කෝපි එක නැතිවුණ හින්දා වෙන්න ඇති.."

දැනෙන මූසල හැගීම නැති කරගන්න හිතාගෙන මම මගේ හිත රවට්ටගත්තේ එහෙම හිතලා..ටිකක් වෙලා ඉදලා මම ඉදගෙන හිටපු තැනින් නැගිට්ටේ වැල්ලේ බෝල ගහගහ හිටපු පොඩි එවුන් වගයක් දැකලා එතනට යන්න හිතලා වුණත් නැගිට්ට තත්ත්පරේම අනිත් අතට බිමට ඇදගෙන වැටුනේ අල්ලගන්න කියලවත් මුකුත් ළගපාතක් තිබ්බේ නැති හින්දයි..

"ආහ්..මගේ ඔලුව.."

ලස්සන දවසක් වුණත් කල්පනා කරන්න දහසක් දේවල් තිබුණ හින්දම පැය ගානක් ඉදගෙන හිටපු හින්දමද කොහෙද මගේ ඔලුව පැලෙන්න තරම් වෙනකොට සීරිලා තියෙන අත් දෙකේ වැලි පිහදාගෙන බෑග් එකේ තිබ්බ මමාට හොරෙන් හැමදාම ගන්න ටැබ්ලට් දෙකක් අරන් බිව්වේ තවත් ඉවසගෙන ඉන්න අමාරු හින්දා වගේම ඇගට කොච්ච්ර හොද නැති වුණත් මේ ටැබ්ලට් වලින් ඉක්මනට ම ඔලුවේ කැක්කුම නැතිවෙලා යන හින්දා..

හිතුවා වගේම විනාඩි පහ දහයකින් ඔලුවේ කැක්කුම නැතිවෙලා යනකොට මම ඉර බැහලා යද්දි මතුවෙන දම්පාට අහස දිහා වගේම  ඒ පාට වතුරට වැටිලා දිලිසෙන මහ මුහුද දිහා බලන් ඉදලා බෑග් එක ඇතුලට අත දාලා ගත්තේ හතරට නවපු කොලයක්..

"අන්තිමට මට ඔයාව ​මේ විදිහට හරි ළග තියාගන්න පුළුවන් වුණා.."

මගේ අතේ තිබ්බ කොලේ ලාවට අතගාන ගමන් මං එහෙම කිව්වේ මුණට ලා හිනාවක් එද්දි..බීච් එක කියන්නෙම කන් අගුලු වැටෙන තරමට සැර හුළගක් තියෙන තැනක් නිසාම මම ඒ කොලේ පරිස්සමෙන් දිගැරියේ මෙච්චරයි කියලා ඉතුරු වුන මේ වස්තුව මට අනිත් හැමදේටම වඩා වටින හින්දයි..


දිගැරපු කොලේ අතුලෙන් මගේ ඇස් වලට අහුවුනේ ලස්සන ආර්ට් එකක්..


To be Continued...

🎂 ඒ මොකක්ද 🙄

🎂 කතාව කියවන වෝට් කරන කමෙන්ට් කරන හැමෝටම ගොඩක් ස්තුතියි 😘❤

මම,
Axian

12.10.2022.

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now