ඒ සුදු මූණ ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා..මගේ පුංචි හොල්මනට හොදටම තරහා ගිහින් වගේ..නහයත් පුම්බගෙන ඇස් දෙකත් අකුලගෙන මගේ දණිස්සට ගහලා තිබුණේ එයා වෙනකොට මගේ ඉස්සරහා මේ ඉන්න පුංචි කොච්චි කරල දැකලා මට මගේ හිනාව නවත්තගන්නත් බැරිවුණා..දෙයියනේ හොද වෙලාවට යීබෝ උඹ මාස්ක් එකක් දාලා ඉන්නේ..මෙහෙම හිනාවෙනවා දැක්කොත් තව කොහෙ කොහෙට පාරවල් වදීද දන්නැ..උඹට ලේසි වෙන්නේ නැ කොල්ලෝ උඹේ පුංචි ඒන්ජල් එක්ක..ඔය පේනවනේ පිඹින හැටි..
"මුකුත් නැ ඒන්ජල්..මේක පොඩි තුවාලයක්..බලු පැටියෙක් පාර පනිනකොට බේරගන්න ගිහින් පොඩ්ඩක් අත කැපුණා..."
තවත් සද්ද නැතුව හිටියොත් තරහට ම පුපුරයි කියලා හිතලා මම බොරුවට එහෙම කිව්වා වුණත් කොල්ලා ඒක විශ්වාස කරපු බවක් පෙනුනේ නැ..ඒ වුණත් මම එයාට ආපහු සැරයක් ඒන්ජල් කියලා කිව්වම ඒ බෝල ඇස් ගැස්සුණා..
"ඇයි ඔයා මට ඒන්ජල් කියන්නේ.."
ඊළග ප්‍රශ්නේ..හරි ලස්සනට මූණත් හදාගෙන එහෙම අහනකොට මට එයාට ඇත්ත නොකියා ඉන්න පුළුවන් ද..
"මොකද ඔයා ඒන්ජල් කෙනෙක් වගේ ලස්සන හින්දා.."
ආවුස් කලින් කොච්චි කරල වගේ රතු වුණු මූණ දැන් චෙරි ගෙඩියක් වගේ රතු වෙලා..මුළු ජිවිත කාලෙම වුණත් එක දිගට බලන් ඉන්න තරම් ලස්සනයි..ඒ වගේ ම කොච්ච්ර ලස්සන වුණත් කට ඇරියම මෙයාගේ ලස්සන ගැනත් මං හොදට දැනගෙන හිටියා..
"කෝ..ඔහොම ඉන්න බැනේ..කකුල් රිදෙයි..මෙතනින් ඉදගන්න.."
මගේ ළග බිම ඉදගෙන මගේ අතින් අල්ලගෙන සෑහෙන වෙලාවක ඉදන් ඉන්න එයා ළගට පාත් වෙලා මං එහෙම කිව්වේ ඒ ඇස් ආයෙත් මගේ ඇස් එක්ක පැටලෙන්න හදනකොට..
"ආහ්.."
"ආව්ව්.."
මං හිතුවා වගේ ම ගොඩක් වෙලා ඉදගෙන හිටපු හින්දා එයාගේ කකුල් හිරිවැටිලා තිබුණා වෙනකොට නැගිටින්න ගිහිල්ලත් කකුල් දෙකට පණ නැතුව එයා ආපහු ඇදගෙන වැටෙන්න ගියා වුණත් මම ටක්ගාලා එයාව අල්ලගත්තා..අත් දෙකෙන්ම එයාව අල්ලගන්න ගිහින් එයා එයාගෙ ම ලේන්සුවෙන් ලේ එන්නේ නැති වෙන්න බැදලා තිබුණු මගේ අත එයාගේ අත් ගොඩ වලට මිරිකෙනකොට මට ආයෙත් කෙදිරිගෑවුණා..
YOU ARE READING
𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️
Fanfictionඇස්... ඔව් ඔය ඇස් මට මාවම අමතක කරවපු මට මාවම මග ඇරවපු මාව මා තුලම යදම්ලූ.. ඔය ඇස් දැන් මේ හිනාවෙන්නේ.. මගේ හද ගැස්ම රැදිලා තියෙන්නේ ඔය ඇස් අස්සේම බව දැනගෙන නේද.. සත්තකින්ම ඔව් මේ පපුවේ ගැස්ම ඔය ඇස් ම විතරක් නිසාම.. මම රකිනවා මගේ ඇස් තරමට ම ඔය ඇස්...