Chapter 09

744 196 59
                                    

නිල් ඩෙනිමට සුදු ටී ෂර්ට් එකක් ඇදලා එදා වගේම සන්ග්ලාස් දාලා එතන හිටියේ එදා බස් එකේ හිටපු උස කොල්ලා..

ඒත් එයාගේ කටහඩ..කටහඩ හරියට...

ආයිෂ් ලාවට හරි එක වගේ කටහඩක් දෙන්නෙක්ට තියෙන්න බැයිද ජාන්..උඹට දැන් නම් බෙහෙත් ගන්නම වෙනවා පුතේ..

"ඔයා එදා අර....."

"මෙහෙට එන්න..තවත් පාර මැද හිටගෙන ඉන්නේ නැතුව.."

මම කතා කරන්න හැදුවත් එයාගේ පපුවෙන් මාව ඈත් කරවලා පාර මැද ඉන්නේ නැතුව එන්න කියලා මාවත් එක්කගෙන එහාට ගියේ මම එයාගේ පස්සෙන්ම ඇදිලා යද්දි..දගලලා අයින් වෙන්න හැදුවට මොකද ඒ රස්නේ පපුවට තව ටිකක් වෙලා තුරුල් වෙලා ඉන්න තිබුණනම් කියලා හිතුනේ එයා මාව එයාගේ පපුවෙන් ඈත් කරපු වෙලාවෙමයි..

"මීට වඩා පරිස්සමෙන් පාරේ යන්න..තේරුණාද.."

පාර අයිනේ හෙවණ තැනකට මාව එක්කන් ගිය එයා අවුල් වෙලා තිබ්බ මගේ ස්ට්‍රේට් කොණ්ඩෙත් අතින් එහාට මෙහාට කරලා හදලා ඔලුව උස්සලා එයා දිහා බලපු මගේ නහයට පොඩි තට්ටුවක් දාලා කියනකොට මාස්ක් එකක් දාලා හිටියා වුණත් ඒ මුනේ හිනාවක් තියෙනවා කියලා මට තේරුනේ සන්ග්ලාස් අතරින් වුණත් ඒ හීනි ඇස් තවත් හීනි වුන හින්දයි..

"ඔතනම ඉන්න කොහෙවත් යන්න එපා.."

වචනයක්වත් කතා කරගන්න බැරුව එයා කරන කියන දේවල් දිහා මම ගල් බිල්ලෙක් වගේ බලන් ඉන්නකොට මට කොහෙවත් යන්න එපා කියලා එයා පාර ළගට ගියේ කැප් එකක් දාලා නොතිබුණ ඒ සිනිදු කොණ්ඩේ හුළගට විසිරිලා නළලට වැටෙන විදිහ මං බලාගෙන ඉද්දි..

"කෝ එන්න..යමු.."

එයාම පාරේ යන ටැක්සි එකක් නවත්තලා ආපහු මං ළගට ඇවිත් මගේ අතින් අල්ලගෙන එක්කගෙන ගිහින් මාව ටැක්සි එකට නග්ගලා ගෙදර ඇඩ්‍රස් එකත් ඩ්‍රයිවර් අන්කල්ට කියලා ටැක්සි එකේ ගානත් ගෙවලා ඒ ඔක්කොම කරනකන් කටත් ඇරගෙන එයා දිහයි ඩ්‍රයිවර් අන්කල් දිහයි මාරුවෙන් මාරුවට බල බල හිටපු මට වචනයක්වත් කියන්න නොදී ටැක්සි එකේ දොරත් වහලා 'යන්නම්' කියලා ඔලුව වනලා කියලා යන්න ගියේ එයා දොර වහනවත් එක්කම යන්න පිටත් වුණ ටැක්සි එකේ පිටිපස්ස ග්ලාස් එකෙන් ඉස්සි ඉස්සි මම එයා දිහා බලද්දි...

𝐘𝐨𝐮𝐫 𝐞𝐲𝐞𝐬 👀 [Yizhan Completed]✔️Where stories live. Discover now