🌸05❤

751 85 10
                                    

" අපි එහෙනම් කතාව පටන් ගමු..."

"එක හොදයි මිස්ටර් සේනානායක "

"අපි අද ආවේ අපි එදා කතා කර ගත්ත දේ අද ස්තිර වශයෙනම තින්දු කර ගන්න.අපිට ඔයාලගේ හිරු දුව දෙනවද"

"අපි දුවගේ කැමැත්ත අහලා බලමු නේද ,අපි කැමති වුනාට බෑනේ"

බලන් ඉන්න බැ කියයි..මම අහගෙන නැන්දා ඊයේ ඉදන් කියන්නේ ඔකට කැමති වෙන්න කියලා.ඉතින් දැන් බොරුවට රගපානවා

"දූ කැමතිද මේ කල්ප අයියා මැරි කරන්න...."

"මගේ අකමැත්තක් නැ ඩැඩි "

"එහෙනම් මිස්ටර් සේනානායක අපි මේක තින්දු කරලා දිනයක් දා ගමු..."

"හ්ම්...හැබැයි මසිනේ අපිට ඉක්මනට මේ වේඩින් එක ගන්න ඔනේ...මොකද ඔයාලා දන්නවනේ අපි හැමොම බිස්නස් ෆිල්ඩ් එකේ ඉන්න මිනිස්සුනේ"

"හ්ම්.අපෙන් අකමැත්තක් නැ "

"එහෙනම් ලබන සතියේ වගේ දිනයක් දාගෙන අපි මේක චාමේට කරමු.අපිට සල්ලි තිබ්බා කියලා මේ දෙවල් පස්සට දාන්න ඔනේ නෑනේ.අනික චාමෙට ගත්තා කියලා අඩුවක් වෙන්නේ නෑනේ"

"අනේ අන්කල්...ටිකක් ලොකුවට ගමුකෝ එක පාරනේ මැරෙජ් එකක් ගන්නේ"

"දූ අපි මේක චාමෙට ගමු.අනික ඔයා ඒදාට ලස්සනට අදින්න.එච්චරනේ වෙන්න ඔනේ"

ඔන්න එකත් හරි.මාව ඔනේ කිය කියා ඉදලා හිරුව ඉල්ලුවේ ඇයි කියන්න මට තෙරුන් නැති වුනාට හිරුට බුදු සරණයි කියන්න මට තේරුනා .

"හරි මම වේලාව බලන කෙනාට කතා කරා ලබන බදදා හොද නැකතක් තියෙනවාලු දෙන්නගෙම වේලාවේ 10 .45ට .එහෙනම් අපි ඒදාට මේක කරලා දාමු.ඔය දෙන්නා කර ඔයාලට කර ගන්න ඔනේ දෙවල් ලැස්ති කර ගන්න."

"අන්කල් විරසිංහ මට මේ දවස් පහට අකිදු ඔනේ මගේ උදව්වට ,ප්‍රශ්නයක් නැති වෙයි කියලා හිතනවා"

"අයියෝ ප්‍රශ්නයක් නැ පුතා.අන්කල් මොනා කියන්නද ඔයා ඔන වෙලාවට ඇවිත් එක්කන් යන්න."

"හරි තැන්කිව් ඇන්ටි "

මම කිව්වේ මාව ඔනේ වහල් කමට තමා.වෙන මොනවට මාව ඉල්ලන්නද,කමක් නැ .මේ ගෙදරින් එලියේ ගෙවෙන තප්පරෙත් මට වටිනවා.එත් නපුරා බදින්න යන්නේ කියනකොට මගේ හිතේ ඇති වෙන වේදනාව මට කියා ගන්න බැ.අනේ හරි අමුතු හැගිමක් .

blessing for me ( yizhan )Where stories live. Discover now