🌸42❤

494 63 8
                                    

මහාත්තයා ,කෝ දෙන්න පුතා ඔයාගේ අතත් රිදෙනවා ඇති...වාහනේ එනකොටත් දරුවා ඔයා අතේනේ..."

"කමක් නැ..තව ටිකකින් නින්ද යයි...."

අපි ඇවිත් නතර වුනේ කුරුණෑගල හොටෙල් එකක වෙනකොට එයා ප්‍රේවින් පුතාව නිදි කරවන්න මාරම ගේමක් දෙන්නේ....

" කෝ දෙන්න අනේ...."

"ආ...ගන්නවාකෝ..."

දරුවා අතට ගත්ත මම කිරි ටිකක් දෙනකොට යස අපුරුවට නිදා ගත්තා.. එයා කා එක්ක හරි කතා කර කර ඉදලා ඇතුලට ආවේ රෑ කැම එකත් අරන්ම වෙනකොට කට කට මට අනලා කැව්වා ..අනේ මට ලොබ හිතෙනවා මගේ මහාත්තයෝ...මම ඔයාට පුදුම තරම් ලෝබයි අනේ...මට වෙලාවකට මා එක්කම ලෝබයි

" අපි කොහෙද යන්නේ කියලා තාම කියන්න බැරිද මහාත්තයෝ"

"ඇයි මන් එක්ක යන්න බයද දැන් අකිදු...."

"මම එහෙම දෙයක් කිව්වේ නැනේ සුදු අයියා..ඔයා එක්ක කොහෙ ගියත් එනවා...එත් මම දැන් ඉන්න විදිහ එක්ක ඔයාට මාව කරදරයක් නේද ..."

"මම කිව්ව ද එහෙම...."

"නැ ඉතින් උස්සන් දුවන්නයි ...තල්ලු කරන් යන්නයි...කවන්නයි පොවන්නනයි....එකක් නෙවෙයි නේ..දරුවෝ බලා ගන්නයි...."

"පුතා නිදිද...."

"හ්ම්..ඔව්..."

පුතා නිදිද අහපු එයා දරුවා අරන් එහා ඇදෙන් තියලා නෙට් එක දැම්මා..දරුවෝ තින් දෙනාම එකම ඇදක රෝස මල් තුනක් වගේ වස්තුලා...එයා කෙලින්ම ආවේ මන් ගාවට වෙනකොට එයා ඇස්වල තිබ්බේ කළකිරුනු හැගිමක්....

" මට කවදාවත් උබව කරදරයක් වෙන්නේ නැ..එක...උබ මගේ පණ...මේ පපුව ගැහෙන එකම හේතුව...දෙක...පෙනවද අර ඇදේ ඉන්න තුන...පළවෙනියා ඔය කුසින් ආවේ නැති වුනාට මාව මුලින්ම අප්පච්චි කෙනෙක් කරේ වූ...මගේ දරුවා මට ලැබුනේ උබ හින්දා...අනිත් දෙන්නම මේ ලෝකෙට මගෙ නමින් ගෙනාවේ ඔයා වෙනකොට මට කරදරයක් වෙන්නේ කොහොමද "

"එත් මම දැන්..."

"ඇති....ඒ වචනේ මට අහන්නනොනේ නැ ..එත් එක එහෙම නැ...මගේ පණ අයෙත් ඇවිදිනවා...ඒක මගේ පොරොන්දුවක් ...මට අද ඔයාව ඔනේ පුලුවන් ද...."

blessing for me ( yizhan )Where stories live. Discover now