🌸35❤

457 57 7
                                    

"සුදු මල්ලි කෝ නැගිටින්න ... ආ මේ කිරි බොන්න මැණික "

"ඔයා බුව්ව ද ..."

"හ්ම් ඔව්...මෙක බිලා ගිහින් ඇදුමක් දාගෙන එන්න අම්මා එහෙනම  උදේම ගියා..."

"එතකොට මෙක හැදුවේ"

"ඇයි උබේ මිනිහාට බැ කියල ද හිතාගෙන ඉන්නෙ...."

එයා මට කිරි එකක් හදාගෙන ඇවිත් කියවන කොට තමා මට මහතක් වුනේ අද පුංචිගෙ ගෙදර යනවා කියලා..එයා අතින් හදලා දෙන කිරි එකක් කියන්නේ ආය කියලා වැඩක් නැ.....

අපි පුංචිගෙ ගෙදර යන්න පිටත් වුනේ අයියා එක්ක ඔෆිස් එකට ගිහින් එන්න ඔනේ කියලා බොරු කියලා.නැත්තම් එක වැඩේ දෙක කරන හැකියාවක් අපේ නැන්දා කියන කෙනාට තියෙන නිසා...

අපි එනකොට එයාල වැඩ පටන් ගෙන...අම්මෝ මුලු ගෙදරම කැවුම් සුවදයි....නිතේශ්ට මාරම සතුටුයි..මොක්ද එයා මගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ගෙදර ආවෙම නැති තරම්..පුතාවත් අරන් මහාත්තයා කුස්සියට යනකොට මාත් ඒ පස්සෙන් ගියේ ...

" ආ මේ ඇවිත් කට්ටියම...."

"පුංචි වැඩ නේ.... "

"හ්ම්..ඉන්නකො මම තේ හදන්නම්...කෝ අපේ ඉළන්දාරියත් ආවද...."

"ඔව් මම ආවෝ....පුතා නැගිට්ටා අම්මා...මෙයාව නිදි කරලා එන්නම්.....!!"

එකා කාමරේ ඉදන් බෙරිහන් දෙනවා...

"ඔනේ නැ පුංචි ..මම හදන්නම්...."

මම තේ හදන්න ගත්තේ ඇත්තටම මෙයලා මේ මහන්සි වෙන්නේ මම නිසා වෙනකොටඑයාලා වෙනුවෙන් තේ එකක් හදන එක මට ලොකු දෙයක් නෙවෙ නිසා...

"කල්ප පුතා දැන් අර වැඩෙට මොකද වෙන්නේ...."

"තාම තිරණයක් නැ...,ඒත් ඒ ගැන හිතන්න ඔනේ"

"හ්ම්..කරන දෙයක් පරිස්සමෙන් ,අර හිරු කියන එකී එන්නේ හොදකට නෙවෙයි හරිද....."

"හරි ..මම දන්නවා එත් මේ වෙලවේ කලබල වෙන්න බැනේ...මොකද වුන් මොනා කරයිද කියන්න බෑනේ..."

"හ්ම් අපි බලමුකෝ....."

හව වෙනකන් එහෙට වෙලා නිදහසේ හිටපු අපි ගෙදර එන්න පිටත් වුනත් එයා අතර මගදි වාහනේ නතර කරේ සෝෆින් මෝල් එකක් ගාවින් වෙනකොට මම බැලුවේ මේ ඇයි කියලා....

blessing for me ( yizhan )Where stories live. Discover now