1 කොටස

130 10 20
                                    

සාගරේ වාගේ වූ ~
ආදරෙ~ හිතේ දරන්.....
මේ හිතේ නැවතිලා.....
නුඹ සදා~ ලැගුම් අරන්......
හිත් කොනේ~ නළියනා.....
හීනයේ....නැළවෙනා~
හිතුමතේ ළං වෙලා~
සැනසුම හොයනා......
      ඉල්ලාවී.....මේ දෑසම....
      පපු තුරේ උණුහුම......
      මේ ආදරෙ~හිමිකම....
      විදගමූ~ සංසාරෙම.....

ආසම සින්දුවක්. හිතේ තියෙන බර හරි ඉක්මනට නැති කරලා දාන්න පුළුවන් මැජික් සින්දුවක් මට අනුව නම්. යිඅර් බඩ් දෙක ගහන් මගෙ සින්දු ලිස්ට් එක ප්ලෙ කරන් නිස්කලංක මුහුදෙ රැල්ල එනවා යනවා සද්දෙ එක්ක , හවසට හමාගෙන එන ඒ හුළග එක්ක මම වෙනම ලෝකෙකට යනවා. මට අනුව මේක නම් අද්‍යාත්මික සුවය තමා ......
ඇයි තව.....වැස්ස දවසට නෙස්කැෆේ එකක් හදන් ජනේලෙ අයිනට වෙලා Lofi Vibes එකේ සින්දු ලිස්ට් එක ප්ලේ වෙන්න දාල ජනේලෙන් එළිය බලන් නෙස්කැෆේ එක තොල කට ගානකොට.....ඒක වෙනමම ආද්‍යාත්මික සුවයක්. තනියෙන් ඉන්න මට කොහොමත් මේ දේවල් මාර විදිහට ෆීල් වෙනවා. Being alone with my ownself .....its comfort to me more than others. මේ කන්සෙප්ට් එක ඇතුළෙ මම හැමවෙලේම මම වෙනුවෙන් ඉන්නවා. මම මාව සතුටු කරගන්නවා. අද 4/4/20## .......මගෙ බර්ත්ඩේ එකහ්. ඉස්සෙල්ලා මම බලන් හිටියෙ මට විෂ් කරනකම් හැමෝම. ස්කෝලෙ යන කාලෙ මම ඇත්තටම ආසාවෙන් හිටියා මාව මෙන්ශන් කරලා හැපි බර්ත්ඩෙ කියලා කට්ටිය වට්ස් ඇප් ස්ටේටස් , ඉන්ස්ටා දානවට. ඒත් එන්න එන්න පරිණත වෙනකොට ඒ හැමදේම වෙනස් වෙලා කියලා මටම තේරුණා. අදට අවුරුදු 25ක්. කෙල්ලෙක් විදිහට මම ගෙදර මිනිස්සුන්ගෙන් ඈත් වෙලා අවුරුදු 7ක් වෙනවා. මේ අවුරුදු 25 ඇතුළෙ මොනාද නොවුණේ.....වෙන්න ඕනි ගොඩක් දේවල් වුණා. ආදරෙ කරා , බූට් කෑවා , ඉගෙන ගත්තා , සමහර එක්සෑම් ෆේල් උනා , කැම්පස් ගියා......, ගෙදරින් පිට ජීවත් වෙන්න ගත්තා , තනියම හැමදේම දරාගත්තා , ගෙදර මිනිස්සු රට ගියා ....මම ලංකාවෙම ඉන්නවා තාමත්.

ඉස්සෙල්ලා ස්කෝලෙ යන කාලේ....අවුරුදු 15/16/17 කාලෙ කොරියන් යනවා .....ගිහින් ඔප්පෙක් දාන් ජීවත් වෙනවා....ලංකාවේ පස් පාගන්නෙ නෑ කියලා හිතුව මම ටිකක් වැඩෙන කොට මේ ලංකාව දාල යන්න ලෝභ හිතුණා. දාල යන්න බැරි කෙනෙකුත් නෑ මට.....මට එහෙම කිසිම හේතුවක් නෑ.....ඒත් මම දන්නෙ නෑ .....මට යන්න ලෝභයි මේ රට දාලා. අහ්ම් අහ්ම්..... මම හිතනවා ඇත්තටම මම කෙල්ලෙක් විදිහට ගොඩක් සාර්ථක වෙලා කියලා මේ වෙනකොට.

එකමත් එක 💐 කාලෙක pt: 01 Место, где живут истории. Откройте их для себя