4 කොටස

48 6 0
                                    


මායි සකූයි,යශුයි පොඩ්ඩක් ශොපින් පැත්තෙ ගිහින් ඉතින් ඊටපස්සෙ කෙලින්ම ගියේ ෆිල්ම් එකක් බලන්න. හම්මෝ හොදේ එතන තමා සුපිරියටම කෙළ ගත්තෙ තුන්දෙනා.
මේකයි පෙන්ස් හරිත...... මම මේ වහුට්ටන්ට කිව්වා "අපි සොම්බි එකක් බලමු හලොව්ව් " කියලා. අනේ මේ බල්ලෝ දෙන්නා කියාපි " ඉව්ව් .....මොළ කනවා බලන්න පිස්සු ද උබට ? "
" කෝමත් උබට මොළයක් නෑනෙ "
කියලා.
ඉතින් ඒයිලා මට කේන්ති යන එක සාදාරණ නැද්ද කියන්නකො ආ ?

A/N : atta atta. මටත් කේන්ති හලෝ.....

ඒකනෙ කියන්නෙ හහ්. ඕන් අඩුම තරමේ ඒක නැතුව මේක හොදයි කිව්ව නම් මට නගිනවද ? නෑනෙ නෑනෙ ...... මේකයි ඉතින් කෝමත් නගින්න එකක් නෑ මට. එස්ලෝන් බටයක් ගහන්න කියලා ද ඊයාහ් ශී අනේහ්..
චිත්ත රූප එහෙම මවාගන්න එපා ඕන් මගුල.
ඉතින් දෙයියනේ ඊටපස්සෙ මට කේන්ති ගියා. මම ඉතින් කිව්වා, " ආආආආ මට මොළයක් නැත්නම් කෝමද කවුන්සිලර් කෙනෙක් උනේ හහ් ? මේ මේ එන්න එපා ඕවා කියන්. අනාගතය ඇද වෙන්න දෙන්නෙ " කියලා .
ඊටපස්සෙ සකූ කියපි , " මේ මේ ඕනි නෑ යමන් යන්න. මොන මගුලක් ද මේක ????? යන යන තැන රණ්ඩු වෙනවා " කියලා .
ඊටපස්සෙ මම කිව්වා ඉතින් , " නෑ ඉතින් හරි ඕනි එකක් බලමු " කියලා
ඊටපස්සෙ කෝමහරි තුන්දෙනාම AVATAR බලන්න තීරණය කරා. මම ඕක එකපාරක් බලලා තියෙනවා හරිද .....හැබැයි ලැප් එකෙන්. ඒවුනාට ඇත්තටම AVATAR කියන්නෙ පට්ටම ෆිල්ම් එකක්. ඒක බැලුවට එපා වෙන්නේ නෑ. මට නම් උණ්ඩුකපුච්චෙ බොක්කටම වැදෙනවා ඒක.
සිරාවට මටත් එහෙම ලෝකෙකට යන්න තිබ්බා නම් කියලා හිතෙනවා ඒක බලද්දි.
මට නම් ඇත්තටම ඒ ෆිල්ම් එක අස්සෙ කියලා හිතුණේ. 3D බලන්න තිබ්බෙ අපරාදෙ ......මට භාගයක් බලද්දි මතක් උනේ ඒක.

" මේහ්හ් නූ.....නෝ.....හ්....."

" ඇයි වදේ කෙදිරි ගන්නේ.....? "

යශ් මුමුණනවා. මළ පනිනවා නෙ ඉතින් ..... හැබැයි මම කතා කරා සද්දෙ වැඩිද මන්දා.....ඉස්සරහ රෝ එකේ ඇන්ටියි , අන්කලුයිත් හැරිලා මම දිහා අමුතු විදිහට බැලුවා. අනේ කට මගේ නම් මට ඕනි විදිහට කතා කරන්නෙ ඇයි යකෝ......

" හිමින් කතා කරපන් යකෝ. මේහ්හ් හිමීට බලපන් හොදේ...... "

" කෝ ? මොකද්ද ? "

එකමත් එක 💐 කාලෙක pt: 01 Where stories live. Discover now