5 කොටස

40 3 0
                                    


මම බීච් එකට ආවෙ හිතේ තිබ්බ වේදනාව නිසාමයි. පිරිමින්ට අඩන්න අකැපලු. මන් දන්නෙ නෑ කවුද ? ඇයි ? එහෙම කිව්වෙ කියලා. දරාගන්න බැරි තැන් වලත් ඉවසලා ඉවසීමෙ උපරිම කට්ටත් පන්නලා තවත් දරාගන්න බැරි උනාම මොන පිරිමියත් අඩනවා. ගෑනු හැමදාම ඇඩුවා ...... ඇස් වලින් කදුලු පිටට පේන්න ඇඩුවා. ඒත් පිරිමි ඇඩුවෙම හදවත ඇතුලට කදුලු වට්ටගෙන වෙනකොට ලෝකෙ මිනිස්සු හිතුවේ පිරිමි අඩන්නෙ නෑය , පිරිමින්ගෙ හිත් ගල්ය කියලා. නෑ! ඒක වැරදි. පිරිමි ඇඩුවා හැබැයි පිටට නොපෙන්වා. පිරිමින්ගෙ හිත් ගල් කියලා කියන්නෙ කොහොම ද ? ඇයි පිරිමි කියන්නෙ හැගීම් දැනීම් නැති රොබෝවරුද ? හු#න කතා යකෝ.......  ඉස්සෙල්ලා කිව්වත් වගේ ඉවසීමෙ උපරිම කට්ටත් පැන්නුවම හදවත ඇතුලට වට්ටපු කදුලු පිරිමින්ගෙ ඇස් වලින් පිටට පේන්න ගැලුවා. හැමදාම අඩන ගෑනුන්ගෙ කදුලු ......පිරිමින්ගේ ඒ කදුලු ඉස්සරහ කවදත් පරාදයි.
මම ඇත්තටම වේදනාවෙන් හිටියේ. ඒනිසාම බීච් එකට ආවෙ මිනිස්සු නැති පැත්තක් හොයාගෙන.

ඒ එනකොට මට ඇහුණේ පපුවටම කතා කරන අමුතු හඩකින් සින්දුවක් කියන කෙල්ලෙක්ගෙ වොයිස් එකක්. මම ඒ කෙල්ල ගාවටම ගියා. ඒ කෙල්ල මට පිටුපාලා හිටිය නිසා කවුද කියලා බලාගන්න බැරි උනත් මම අඩි පහක් විතර එහායින් හිටියෙ එයාගෙ. මම ඇස් පියන් ඒ සින්දුව වින්දා. මුහුදෙ රැළි හඩයි , පොල් ගස් ටිකක් හුළගට වැනෙන සද්දෙයි මැද්දෙ ඒ අමෘතයක් වගේ ඇහෙන ඒ කෙල්ල කියන සිංදුවයි මම වින්දා හරි හරියට. මොහොතකට මට හැමදේම අමතක උනා. මම සමවැදිලා ඇස් පියන් අහන් හිටියා.
ඒත් , මගෙ කට නළියෑවා......හිතින් විතරක් මුමුණපු ඒ සින්දුවේ කෑල්ලක් මට  මගේ කටින් එළියට පැනුනා.

" Meri hoke hamesha hi rehena - Kabina kehena alvida "
( සදහටම මගේ වී සිටින්න - කවදාවත් සමුගන්න එපා )

මම හිතන්නෙ ඒ කෙල්ල ගැස්සුණා. ඔව් ඉතින් ගැස්සෙන්නෙ නැතුවැ එකපාරටම කවුරුත් නැති මේ පැත්තෙ එයා කියපු සින්දුවෙ කෑල්ලක් වෙන කෙනෙක් එවෙලෙම කියනකොට.
ඒ එක්කම ඒ කෙල්ල පිටිපස්ස හැරිලා මම දිහා බැලුවා..... ඒ ඇස් ගැස්සුනා. මගෙ ඇසුත් ගැස්සුනෙ නෑ කිව්වොත් බොරු.

එකමත් එක 💐 කාලෙක pt: 01 Where stories live. Discover now