7 කොටස

32 3 0
                                    


A/N : මට කරන්න ඕනි මොකද්ද කියලා තේරෙන්නෙ නෑ ....මම බැලුවා ළමයි. බට් තේරෙන්නෙ නෑ මගෙ අතින් මොකද්ද වුණේ කියලා ? කමෙන්ට් දාන්න බෑලු .....නංගි කෙනෙක් අදත් මට කිව්වා. අෆ්ෆා දන්න කෙනෙක් ඉන්නවා නම් මේකට මොකක් හරි කරන්න දෙයක්  කියන්න මට ප්විස් 🙂❤️

______________

මම කොළඹින් එන්න ආවෙ රෑ නවේට විතර. 
කොහොම හරි මාළිගාවට ළන් වෙනකොට එකොළහ පහුවෙලා තිබ්බා. මාළිගාවෙ ඉදනුත් කිලෝ මීටර් දෙකක් විතර ගියාම ඇතුල් පාරක් තියෙනවා. ඒ පාරෙ විනාඩියක් යන්න නෑ හද්ද පරණ තඩිම තඩි ත්‍රිශෙයිලාක්ෂ්වර වලව්ව තියෙනවා. ඔය වලව්ව හදලා තියෙන්නේ රාජසිංහ රජතුමා ඉන්න කාලෙ ඉදන්.වලව්වට ගියාම පිළිවෙළට ෆොටෝස් එල්ලලා තියෙනවා. ඒ කාලෙ ඉදන් මේ වෙනකම් අපේ පවුලේ  උරුමක්කාරයන්ගෙ ෆොටෝස් හෙන ගොඩයි. ඒ ෆොටෝ එකක් එල්ලන්නෙ ඒ කෙනා මැරුණට පස්සෙ..... ඒ මොකක් වුණත් චූටි මාමා මැරුණට එයාගෙ ෆොටෝ එකක් එල්ලලා නෑ. හැබැයි වෙන කෙනෙක් ගෙ එකක් තියෙනවා. එයා චූටි මාවා වගේ ටිකක්. ඒවුනාට සීයාපප්පා ට තියෙන ඒ රකුසු බැල්ම අඩු නැතුව එයාටත් තියෙනවා. එයා දිහා බැලුවම අදුරනව වගේ  සීන් එකක් තිබ්බට මට එහෙම එකක් මතක නෑ. මම ඉතින් ඉස්සෙල්ලා ඉදන්ම ඒ කවුද කියලා අහන්න ගියෙත් නෑ. ඇත්තටම මට වැඩක් නැති නිසා. මම දශමයක්වත් වලව්වට කැමති නෑ ඒකයි.


මම කාර් එක පාර්ක් කරලා කී එකත් අරන් බැස්සා. මම එනවා කියලා කිව්ව නිසා වෙන්න ඇති තඩි ගේට්ටුව ඇරලා තියෙන්නෙ. මම බැහැලා අඩි දෙකක් යන්න වුනේ නෑ.....විමලසිරියි , පද්මායි ඉස්තෝප්පුව නගින්න හදලා තියෙන පඩි දෙක උඩ ඉදන් ඉදලා නැගිටලා තකහනියෙ මම ගාවට ආවා. එදා වගේම තමා. මම ස්කෝලෙ ගිහින් ආය වලව්වට එනකම් හැමදාම විමලසිරි කොහොම වුණත් පද්මා හිටියා ඔය පඩිය උඩ ඉදන් බලාගෙන. ඒක හරියට අම්මා කෙනෙක් තමන්ගෙ දරුවා එනකම් බලන් ඉන්නවා වගෙ. මට ඒක අද ඕනවටත් වඩා දැනුනා. පද්මා මට අම්මෙක් වගේ! ඒත් ලබ්බ වලව් නීති අස්සෙ මට කතා කරන්න වුනේ මට වඩා දෙගුණයක් තුන්ගුණයක් වැඩිමල් හැමෝටම එයාලගේ නමින්.  කට පුරා හිනා වෙලා ' සුදු මැණිකෙ ' කියලා කතා කරන ඒ මිනිස්සුන්ට මට කතා කරන්න වුණේ සීයේ , ආච්චි , නැන්දෙ , මාමෙ කියලා නෙවෙයි.

එකමත් එක 💐 කාලෙක pt: 01 Hikayelerin yaşadığı yer. Şimdi keşfedin