2 කොටස

52 4 11
                                    


ඊයෙ හවස කේක් කපලා , කේක් කාලා , කේක් නාලා මහ රෑ වෙනකම් වෙරළෙ නටලා අපාර්ට්මන්ට් එකට එද්දි රෑ දහයත් පහු වුණා. ඇත්තටම මම මාර විදිහට රෙස්පෙක්ට් කරන කොල්ලො දෙන්නෙක් අයේෂුයි , ශාක්‍යයි කියන්නෙ. කිසිම දවසක වැරදි විදිහට මට මොකුත් කියලා නෑ වගේම අඩුම මට අපහසුතාවක් වෙන විදිහට මාව උන් ළගින් තියාගෙනවත් නෑ. ඒ දෙන්නම මට වඩා අවුරුද්දක් බාලයි. ඒවුනාට ඉන්නෙ මගෙ අයියලා දෙන්නා වගේ. ශාක්‍ය මෙඩිකල් කොලේජ් එකේ පේරා වල. එතකොට අයේෂ් හොටෙල් ස්කූල් එකේ. මේ අවුරුද්දෙ කොරියා යන්න ඉන්නෙ එයා.

හම්මෝ ඉතින් ඇත්තටම හොටෙල් ස්කූල් එකෙන් මාර ඔපර්ටියුනිටීස් තියෙනවා හොදට ඉගෙන ගත්ත අයට. දැන් අපෙ යශූ උනත් ඒ ලෙවල්ස් වලට කොරියන් ලැන්වේජ් කරා. ඉන්ග්ලිෂ් ටිකත් ගාන්ට මේන්ටේන් කරන් ගියා. ඒනිසා හරි ලේසි රටකට යන්න. ඇත්තටම ලැන්වේජ් එකක් ඉගෙන ගන්නවා කියන්නෙ ඒක මාරම විදිහට සපෝට් වෙනවා අපිට ජොබ් එකකට ඉන්ටර්විව් ගියත්. ඒ වගේම හෙනට ඔපර්ටියුනිටීස් තියෙනවා. පිළිගැනීමත් ඉහළයි.
මම ත් ඒලෙවල්ස් කරේ ආර්ට් ස්ට්‍රිම් එකෙන්. I.C.T , Japanese , Sinhala. සිංහල නම් කරේ ස්කොලෙ මිස්ලගෙ බලේටයි , ඕලෙවල් ටියුශන් සර්ගෙ බලේටයි සෙද්ද. හැබැයි සිංහල ලේසි නිසා මට සිංහල A එක ගොඩක් ඉහළ එකක් තිබ්බෙ. ඒක වාසියක් උනා ඉතින්. කොහොමත් I.C.T , Japanese වල Z-core එක වැඩි නිසා ඊසි. ටාගට් එක තිබ්බෙ Colombo university යන්න. ඒක ඒ විදිහට වුණා. යුනිවර්සිටි එකේම මම කවුන්සිලින් තෝරගත්තා. මොකද ඒක මගේ ආසාවක් වගේම හීනෙත් උනේ ඒක. මට කැම්පස් එකේ තර්ඩ් යිඅර් ඉද්දි තමා වොලන්ටියර් කෙනෙක් විදිහට යුනිසෙෆ් එක යටතේ දේශන වලට යන්න සහභාගී වෙන්න අවස්ථාව ලැබුණේ.

මම ඇත්තටම මම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා. කරන්න බෑ කියලා දෙයක් කාටවත් නෑ. උත්සාහයයි , කැපවීමයි , දරාගැනීමයි , අධිෂ්ඨානයයි තියෙනවා නම් ඕනි කෙනෙක් ට තමන්ගෙ ගෝල්ස් වලට ළගා වෙන්න පුළුවන්. මම අහලා තියෙන කතාවක් තමයි
අපි ඉර ටාගට් කරලා ගලක් ගැහුවොත් අඩුම ඒක හදට හරි වදීලු. ඒකෙන් කියන්නෙ හිතන්නකෝ ජනාධිපති වෙන්න බලන් ඉන්නවා හැබැයි අඩුම තරමෙ අගමැති හරි වෙන්න පුළුවන්. ආන් ඒ වගේ තමා මේකත්. ඔයා හිතන්න මම මේ ලෝකේ ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා. එතකොට ඔයා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න ඕනි. ඉරට ගල ගහන්න ඕනි කියලා ගල අතේ තියන් හිටියට ඒක හදට තියා බිමටවත් වැටෙන්නේ නෑ වගෙ තමා ඔයා ලොකූ ඉලක්කයක් තියාගත්තට වැඩක් නෑ රෙද්ද පොරවන් බුදියගන්නව නම්.

එකමත් එක 💐 කාලෙක pt: 01 Where stories live. Discover now