6 කොටස

37 4 0
                                    


" ආආආර්‍ර්හ්හ්හ්හ්හ් ශිට් " 

ඇත්තටම එයා කෑගහපු පාර මාත් ගැස්සුණා. ටිකක් එහාට වෙන්න හිටපු එයා කියපු සමහර දේවල් ඇහුනත් මම කන් දීගෙන හිටියෙ නෑ. මොකද ඇත්තටම මට අදාළ නෑනෙ අනුන්ගෙ කතා. ඒත් එකක් නම් සීයට සීයක් ශුවර්......එයාට කෝල් එක අරන් තියෙන්නේ එයා කතා කරන්න අකමැති කෙනෙක් කියලා.
අත් දෙකෙන්ම ඒ කොණ්ඩෙ පිටිපස්සට අදිමින් එයාම එයාව සන්සුන් කරන්න ට්‍රයි කරනවා කියන එක මට තේරුණා. ඇත්තටම එයා පුදුම කේන්තියකින් ඉන්නෙ. මම දන්නෙ නෑ ඒ මූණේ තියෙන රෞද්‍ර පෙනුම කොහොම විස්තර කරන්න ද කියලා දෙයියනේ !!!!!! ඇත්තටම බලන්න බයයි ඒ මූණ දිහා.

මට එයාට කතා කරන්න ඕනි උනත් මට තේරුනා එහෙම උනොත් මටත් මූ හොදම එකෙන් අමතයි කියලා. ඒනිසාම මම සින්දුවක් කියන්න ගත්තා. කවුන්සිලර් කෙනෙක් උන මට එක එක විදිහෙ මිනිස්සු එක්ක ගනුදෙනු කරලා පුරුදු උනත් සිරාවට මූට මේ නැගලා තියෙන කේන්තිය තරම් මනුස්සෙක් මට තාම හම්බෙලා නෑ. ආත්ම ගත පුරුදු ඔව්වා නම්. එහෙන්මම ගිටාර් එක ටියුන් කරලා සින්දුවක් කියන්න ගත්තා.

" සද ගාවින් තරුවක් රැදුණා වාගෙ හිතවත් වෙලා.....
හැඩි වූ ජීවිත පින්තූරේ~ සෙනෙහෙන් වර්ණවත් කළා.....
මල නොතලා බඹරූ රොන් ගන්නෑ දී වේදනා....

මම ඇස් පියන් සින්දුව කියන නිසා අර මනුස්සයගෙ මූණ බලාගන්න විදිහක් නෑ. මට දැන් ඕනි උනේ ඒ මනුස්සයගෙ ෆේශල් එක්ස්ප්‍රශන්ස් බලාගන්න. ඒනිසාම මම හිමින් ඇස් ඇරියා.  අකුණක් කෙටුවා සීන් එකක් ඇගටම දැනෙද්දි මම ගැස්සුනත් මම උපරිම ට්‍රයි කරා සන්සුන් වෙන්න. ඇයි යකෝ මේ මිනිහා මෙච්චර ළගින් ඉන්නෙ. අහ්හ් මාව හොස්පිට්ල් ගිහින් දාන්න අයියෝ~  ඒ වගේම මම සින්දුව කන්ටිනියු කරන් ගියා.

                 ගලනා ගංගාවෝ ~
                 නිහඩව මුහුදු ගීයෝ~
                 හැබැහින් පෙම් බැන්දෝ~
                 සසරේ එක් වූවෝ_"

එකමත් එක 💐 කාලෙක pt: 01 Where stories live. Discover now