chapter ~5

220 25 3
                                    


"අක්කෙ...අනේ එයි... මොකද්ද උනේ කියන්නකො...."

මාව ගල් උනා වගෙ දැනුනා..දෙයියනෙ මොනාද ඒ කිව්වෙ...

"එයි..අක්කේ...damn කෙවි කතා කරන්න.......for good sake කෙවින්‍යා මොකද්ද උනේ!!!!!!"

නුවි කෑගැහුවාමයි මන් හරි සිහියට ආවෙ.ඒ වෙනකම් මං වෙන ලොකෙක වගෙ උන්නෙ...

"අ..අනුකි.."

"හරි අනුකි අක්කා ඉතින්?..දාඩියත් දාලා නේ ඔයාට..මොකද්ද උනේ.. කියන්නකො.."

"එ..එයා..accident  වෙලාලු..අනුකි...accident  වෙලා...න්..නුවර hospital  එකෙලු ඉන්නේ....."

"ශ්.හරි..එයි අඩන්නෙපා..අපි යමු බලන්න...කො..අපි යමු හරිද බලන්න...මෙතනින් වාඩි වෙන්න ඉස්සෙල්ලාම..හරි කෝ දැන් මේ වතුර එක බොන්නකො..මං අම්මිට කියල එන්නම්.."

නුවිදි මාව වාඩි කරවලා වතුර එකක් බොන්න දීලා මන් ගාව දණගහන් ආන්ටිට කොල් කලා මගෙ ඔලුවත් අතගාන ගමන්..

"අනේ අක්කෙ..අඩන්න එපානේ අපි යන් හාද..කෝ හොද ලමයා වගෙ නාඩා ඉන්න..."

නුවි phone  එකත් කනෙ ගහන් මගෙ කදුලු පිහිද පිහිද ඔලුවත් අතගාන ගමන් මාව සනසනවා...දෙයියනෙ අනුකි..අනුකි කියන්නෙ පොඩි කාලෙ ඉදන් මාත් එක්ක එකට කාලා බිලා ඉස්කොලෙ දිත් al වෙනකම් එකම පංතියක ඉදපු මගෙ හොදම යලුවා නැ එකි හොදම යලුවා කියනවටත් වඩා මගෙ අම්මා වගෙ අම්මෙක් නැති මට උන්නෙ  එකි විතරයි... තවත් වෙලාවකට අක්කා වගෙ පවුලෙ එකම ලමයා උනු මට හැමදාම ළඟ හිටියෙ එකි.. තව වෙලාවකට අපි හතුරො වගෙ.. එ මොන දේ උනත් අනුකි කියන්නෙ මගේ ඇගෙ අනිත් භාගෙ වගෙ...
මට කිසිම සිහියක් තිබුන්නැ.. මං බලන් උන්නු අත බලන් ඉද්දි ආන්ටි ඇවිල්ලත් ඉවරයි.. මට දැනුනෙ මාව ඇතුලින්ම හිර වෙලා කියලා...අනෙ මගෙ එකිට මුකුත් වෙන්න එපා දෙයියනෙ...

"දුව...දරුවො..."

"අනෙ.. අම්මි අක්කා එක ඇහුනු වෙලෙ ඉදන් මෙහෙමයි.. පස්සෙ මන් වාඩි කරවලා වතුරත් දුන්නා අම්මිට කොල් කරන අතරේ.."

"මං හිතන්නෙ දුවට මෙහෙම වෙලා තියෙන්නෙ ශොක් එක නිසා...මට වතුර ටිකක් අතට දෙන්නකො..."

අහම්බයWhere stories live. Discover now