chapter~17

164 22 5
                                    


ජිවිහෙ හරි පුදුමාකාරයි..සමහර මිනිස්සු සතුටින් ඉද්දි සමහර මිනිස්සු දුකින් ඉන්නවා..ඒ අතර මං වගෙ අතරමං වෙච්ච මිනිස්සුත් ඉන්නවා...
නිකමට දකින මනුස්සයෙක්ට හිතෙයි නුවිදි මට 'හා' වත් නොකියා තියෙද්දි මෙච්චර දගලන්නෙ ඇයි කියලා..ඉතින් මට කියන්න තියෙන්නෙ...
ප්‍රශ්නෙ තමන්ගෙ නොවන තාක් උත්තරේ දාර්ශනිකයි..
මෙච්චර කියවපු ඔයලටවත් සමහරක් විට කෙවින්‍යා කියන චරිතේ තෙරෙන්න නැතුව ඇති...ඉතින් නුවිදිටත් එච්චරමයි නෙද?...මං හිතන්නෙ දැන් නෙමෙ කෙවින්‍යා කියන කෙනාව ඇදලා ගන්න වෙලාව,මොකද මට තියෙනවා ඊටත් වඩා ලොකු plan එකක්..

මං හිටියෙ අපි නැවතිලා ඉන්න තැන lobby එකෙ සැටියකට වාඩි වෙලා.සුභාෂිණි අක්කි ළඟ ඇවිත් මාව හොලවලා කතා කරනකම් මට සිහිය නෑ.....අපි ආවෙ ඊයෙ..මගෙ සිහිය කොහොමත් එහෙන් එන්න කලින්ම නෙ නැති උනේ..ආයෙ තවත් කුමන කතා ද?..

"එහ්..නංගි!!"

"ම්ම්..?.."

"මොකො බං මේ...උබ එහෙන් එද්දිත් හිටියෙ මෙහෙම..පුතේ දැන්ම කිව්වා play කරද්දි උබ මනෝ පාරක උන්නොත් කොච් කෙසෙවෙතත් මං ඇවිල්ලා නෙලනවා උබට..."

ඔලුවටත් ටොක්කක් ඇනන් මගෙ එහා පැත්තෙ වාඩි උනු සුභාෂිණි අක්කා එක කිව්වෙ මොක නැතත් මාව අවුස්සන්න කියලා නම් එයගෙන් හිනාවෙන් තෙරුනා..

"මෙතන කොහොම උනත් එතනදි එහෙම වෙන්නැ.."

"මොකො ගෙදර ප්‍රශ්න ද?..කොල්ලා දාලා ගියාද?.."

"මොන කොල්ලොද?.."

"අනෙ අනෙ මේ..හෙට අනිද්දා 21ක් වෙන්න ඉන්න උබට කොල්ලෙක් නැ නම් කියන්න එපා"

"එතකොට 23ක් උනු ඔයාට කොල්ලෙක් ඉන්නවද?.."

"අහ්..නෑ හැබැයි මෙහෙමයි...."

"ඔව් මොකද්ද මෙහෙම?.."

"බලමුකො බං...ඔවා කාටද විශ්වාස?.."

මං ලාවට හිනා වෙලා ඔලුව හෙලෙව්වා..

"හරි මේ යමන්..මං ආවෙ කන්න එන්න කියන්න...හෙට උදෙන්ම ඇහැරිලා කරන්න ඔනෙ ටික කරන් 7 වෙද්දි lobby එකට එන්න...අයෙ කරගන්න ඔනෙ වැඩ අමුතුවෙන් කියන්න ඔනේ නැනෙ?.."

අහම්බයWhere stories live. Discover now