දැන් නම් නුවිට ගොඩක් හොදයි..ඒ නිසා අර දවස් දෙක තුනෙ තිබ්බ නිස්කලංක බව නම් නැත්තටම නැති වෙලා..දගල දගල කෑගගා ඉන්නවා ගෙදර..මං ගෙදර හිටපු නැන්දාවයි මාමාවයිත් ගෙදර ඇරියා මොකද මෙකිගෙ විසෙට නැන්දත් බය වෙන නිසා..අනික මං කැමති නැ අප්පච්චි මගෙ දෙවල් දැනගන්නවට..
ඉතින් අනුකිත් ඉයේ discharge උනා..දැන් මෙ උදෙ අපි එහෙ යන්න ලැස්ති වෙන්නෙ..උදෙ කිව්වට වෙලාව 11යි මෙකි උදෙ 7 ඉදන් ලැස්ති වෙනවා...තව නැ..එකට මං 7ට නැගිට්ටා gym ගියා කෑවා වොශ් දැම්මා 10 වෙද්දි ලැස්ති වෙලා...නුවිදි 7ට නැගිට්ටා මුණ හෙදුවා 8 ඉදන් 11 වෙනකම් කාමරෙ ලැස්ති වෙනවා..හනෙ කාට කියන්නද මෙවා.."අක්කෙ...අනෙ මේ එයි!!!!!!!"
"ඇයි බං..මේ උබ තව කාලාත් නැ නුවි..ඉක්මනින් පහලට වරෙන්!"
"ඔයගෙ අර නිල්පාට ශර්ට් එක කො!!???"
"මං දන්නැ මං නෙමෙ නෙ මගෙ ඇදුම් අදින්නෙ දැන් උබ නෙ..එක නැත්නම් උබෙ එකක් හරි මගෙ වෙන එකක් හරි ඇදපන් මගුල..."
ඔන්න ඔක තමා දැන් ගෙදර වතාවරනෙ...අච්චර දුර ගිහින් මෙකිගෙ ඇදුම් අරන් ආවට මෙකි අදින්නෙ මගෙ එවා..ඇහුවොත් කියන්නෙ "හැඥේ ඔයාගෙ ඇජුම් සැනිපැයි!!' ගානවා..නුවි මට වඩා මහත උනත් එයට වඩා මං අගල් 11ක් වගෙ උසයි..අනික මං අදින්නෙ ඇගට ලොකු ඇදුම් නිසා නුවිට එවා බාජු වගෙ..මගෙ ම ඇදුම් ඇදන් මගෙ ගාව හුරතල් වෙද්දි ඉවසන්නෙ කොහොමද..ඉස්සර නම් එච්චරම එක තිබ්බෙ නැතත් දැන් නම් මට මාව පාලනෙ නැ වගෙ..තොල් උල් කරන් මං ගාව ඇතිල්ලෙද්දි මං රහත් වෙලාද ඉවසන්න?..අපිට ඉතින් ස්පර්ශය තහනම් නෙ කියලා හිතන්න තමා වෙන්නෙ..
"නුවිදි...අනෙ ඉක්මනින් වරෙන් බං..මෙ අනුක් අහනවා එන්නැද්ද කියලා.."
"හා හා එනවා.."
මෙච්චර කට කැඩෙනකම් කෑගහලත් මෙකි නෙවෙයි පහලට ආවෙ...කාලාත් නැ තව..මං නැගිට්ටෙ උඩට යන්න උනත්...